Showing posts with label Tricks_එක එක වැඩ... Show all posts
Showing posts with label Tricks_එක එක වැඩ... Show all posts

Tuesday, October 28, 2014

Mobile Partner 2014 මෙන්න උණු උණුවෙම...



 
Huawei ඩොන්ගල් පාවිච්චි කරන අපි අන්තර්ජාලයට සම්බන්ද වෙන්න පාවිච්චි කරන මෘදුකාංගයක්නේ Mobile Partner කියන්නෙ. අද Mobile Partner මෘදුකාංගයේ තවත් අලුත් Version එකක් ඔන්න. 
 
මේක ඕනෑම Huawei ඩොන්ගලයකට සහය දක්වනවා

මේකේ අනවශ්‍ය දැන්වීම් නෑ...
ස්ලෝ ගතියකුත් නෑ....
Call පහසුකම ඇතුලුව Statistics Internet usage,Track Data usage,Wifi Hotspot (New) සියල්ලම අැතුලත් ඔයාලත් දාලම බලන්නකො කෙහොමද බාණ්ඩෙ කියල අෑ...
 

  • අපි අන්තර්ජාලයට සම්බනද වෙලා ඉදලා සම්බන්දතාවය විසන්දි කරාම අපි අන්තර්ජාලයට සම්බන්ද වෙලා හිටපු කාලය , Download උන දත්ත ප්‍රමාණය , Upload උන දත්ත ප්‍රමාණය පෙන්වන Connection Statistics Window එක...



  • USSD පහසුකම


අයෙත් අලුත් ලිපියකින් සෙට් වෙමු අෑ.. ජය වෙවා..!

Sunday, May 25, 2014

IP එක වෙනස් කරල යන්න බැරි වෙබ් සයිට් වලට රිංගමු ද.. ?_How To Change a IP Address & How To Log Internet As a USA Or UK Internet User


කාලෙකින් ඔන්න අලුත් ලිපියක් අරගන ආව.. මෙ දවස් වලනම් එපා වෙල ඉන්නෙ මාර රස්නයක්නෙ තියෙන්නෙ අනෙ :/ වහින්න හදනව හදනව ඒත් වහින් නෑ අපි එච්චර පව් කරලත් නෑ අප්ප :P හ්ම් හ්ම් කතා ඇති දැන් කරන්න ආපු වැඩේ පටන් ගමුකො නේද :)

මම අද කියල දෙන්නෙ ඔයා ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් ඔබේ IP Address එක කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කරගෙන Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහොමද කියල..

ගොඩක් දෙනෙක්ට තියේන ප්‍රශ්ණයක් තමයි Block කරල තියේන සයිට් වලට යන්නේ කොහමද කියන එක. මේකට ගොඩක් දෙනෙක් තමන්ගේ IP එක වෙනස් කරගන්න Hotspot Shield කියන මෘදුකාංග භාවිතා කරනවා.නමුත් මේ මෘදුකාංග භාවිත කිරිම තරමක් කරදරකාරියි ඒ නිසා මම අද කියල දෙනව කිසිදු මෘදුකාංගයක් භාවිතා නොකර ඔබේ IP එක වෙනස් කරන විධිය.. :) කොහොමද මරු නේද :) ..

මේ වගේ IP යොදා ගෙන අන්තර්ජාලයට පිවිසිමේන් පුද්ගලයන් විවිධ වැඩ කර ගන්නවා.
මම ඒ වැඩ මොනවද කියල හරියටම කියන්නේ නම් නැ ඒත්..

1. ) ශ්‍රී ලංකාවේ බලන්න බැරි YouTube Video වගේ ඒවා බලන්න ඕන වුනාම , මේ විධියට IP යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
2. ) තමන්ගේ රාජකාරි ආයතන වල Block කරල තියේන වෙබ් හා බ්ලෝග් සයිට් වලට යාමට , මේ විධියට IP යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( උදා - ඔබේ රාජකාරි ආයතනයේ Facebook එක Block කරල තියේනවා නම් , මේ විධියට VPN යොදා ගෙන Facebook එකට යන්න පුලුවන්. )
3. ) E-Money කරන අය විවිධ වෙබ් සයිට් වල ගිණුම් සැදිමට , මේ විධියට VPN යොදා ගෙන අන්තර්ජාලයට එනවා.
( මේක නම් ඇත්තටම නිතිවිරෝධියි වැඩක් ) 

දැන් අපි බලමු ඔබේ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් ඔබේ IP Address එක ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුන පුද්ගලයේක්ගේ විධියට වෙනස් කර ගෙන Block කරල තියේන ඕනැම වෙබ් සයිට් එකකට යන්නේ කොහමද කියල.
ඒ සදහා මම මේ පහලින් කියල තියේන දේවල් හරියටම කරන්න.

සැලකිය යුතුයි - මේ දේ කරන්න කලින් ඔබ අන්තර්ජාලයට සම්බන්ද විමට භාවිතා කරන ඕනැම ක්‍රමයකින් මුලින්ම අන්තර්ජාලයට සම්බන්ද වෙලා  ඊට පසුව මේ පහලින් කියල තියේන පියවරවල් කරන්න.

මුලින්ම  මෙතනින් ගිහින් ඔබේ දැන් තියේන IP එකට අදාල විස්තර එහම බලා ගන්න. මොකද , මේක ඇත්තටම සිදු වෙනව කියල ඔබත් දැන ගන්න ඕන.

* ඔබ භාවිතා කරන්නේ Windows 7 නම් , මේ විධියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )



3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


4. ) දැන් , ඒ ආපු එකේ පහලින් තියේන Change your networking settings කියන එක යටතේ , 1ට තියේන Set up a new connection or network කියන එක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


5. ) දැන් , Open වුන Dialog Box එකේ 3යට තියේන Connect to a workplace කියන එක Double ක්ලික් කරන්න.
එහමත් , නැත්නම් 2යට තියේන Connect to a workplace කියන එක Select කරල , Next එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


6. ) දැන් , ආපු Option වල මුලින්ම තියේන No, create a new connection කියන එකට Tic එකක් දාලා , Next එක ක්ලික් කරන්න.


7. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Use my Internet connection (VPN) කියන එක Double ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


8. ) දැන් , ආපු එකේ මුලින්ම තියේන Internet address කියන එක ඉස්සරහ තියේන හිස් කොටුවට VPN Address එක දෙන්න.

ඔබට , ඇමරිකාවේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - usvpn.ufreevpn.com

ඔබට , එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ අන්තර්ජාලයේ සැරිසරන්න ඕන නම් , මේක , Copy කරන් ගිහින් , එතනට Paste කරන්න. - ukvpn.newfreevpn.com

( පහල පින්තුරේ පෙන්වා ඇත. )


9. ) දැන් , අපු එකේ මුලින්ම තියේන කොටු 2ට ඔබ භාවිතා කරපු රටට අදාල VPN එකේ User name හා Password එක දෙන්න.

ඔබ , ඇමරිකන් VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - ufreevpn.com
Password - free

ඔබ , එංගලන්තය VPN එක භාවිතා කරා නම් , මේ User Name එක හා Password එක දෙන්න.
User Name - free
Password - 1234

( පහල පින්තුරේ පෙන්වා ඇත. )


10. ) දැන් , ඔබ මුලින්ම අන්තර්ජාලය පිවිසේන විටම , අර මුලින් කිව්ව වගේ , ඔබ ඒ VPN එක භාවිතා කරල , කිසිදු ආකාරයක නිතිවිරෝධි ක්‍රියාවක් නොකරන බවට එකග විමට සිදු වෙනවා. එකග වෙන්නේ නැතුව නම් ඔබට ඒ VPN එක භාවිතා කරන්න බැ.

එකග විමට I Agree කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ , ඔයාව කෙළින්ම ඒ VPN එක අයිති රටට අදාල වෙබ් සයිට් එකට යාවි.
ඒක , ගනන් ගන්නේ නැතුව , ඊට පස්සේ , ඔබ සුපුරුදු පරිදි , ඔබේ අන්තර්ජාල වැඩ කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


* ඒ වගේම , අර මුලින් වගේ What Is My IP සයිට් එකට මෙතනින්  ගිහින් , ඔබේ IP එක ඇත්තටම ඇමරිකන් හෝ එංගලන්ත එකක් ලෙස වෙනස් වෙල තියේනවද කියලත් බලන්න.
දැන් , ඔබටම තේරේන්න ඇති කලින් , What Is My IP , Site එකේන් පෙන්නුවේ ශ්‍රී ලංකාවේ විස්තර , ඒත් දැන් පෙන්වන්නේ ඔබ භවිතා කරපු VPN එකට අදාල රටේ විස්තර.

* ඒ වගේම , ඒ VPN එක භාවිතා කිරිම නවතා , නැවත ශ්‍රී ලංකීය අන්තර්ජාලයට පිවිසිමට අවශ්‍ය නම් , මේ පහල කියල තියේන විදියට කරන්න.

1. ) මුලින්ම Start Menu > එකට ගිහින් Control Panel එක Open කරගන්න.

2. ) දැන් , Control Panel එකේ තියේන Network and Internet කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


3. ) ඒ ආපු Option වල මුලින්ම තියේන Network and Sharing Center කියන එක Double ක්ලික් කරල , ඒක Open කරගන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


4. ) ඒ ආපු එකේ මැද හරියේ තියේන View your active networks කියන එක එක යටතේ 2යට තියේන VPN Connection 12 කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


5. ) දැන් , ආපු Dialog Box එකේ Disconnect කියන එක ක්ලික් කරන්න.
( පහල පින්තුරේ පෙන්වා ඇත. )


* මෙතනින් , එහාට ඔබ ඒ VPN එක භාවිතා කරන්නේ නැ.
අයේත් , ඔබට ඇමරිකන් හෝ එංගලන්ත VPN එකක් භාවිතා කිරිමට අවශ්‍ය නම් , මේ උඩින් කියල තියන විධියටම කරන්න.

* අනිවරේන්ම , මේ පොස්ට් එකේ කියල නැති මුකුත්ම කරන්න නම් එපා.

* ඒ වගේම , ඔබේ පරිගණකය Restart කරන විට හෝ Shutdown කරන විට , මේ VPN , Autoම Disconnect වෙනවා.
ඔබේ පරිගණකය Restart කිරිමට හෝ Shutdown කිරිමට කලින්ම , මේ VPN අනිවාරේන්ම , මේ උඩින් කියල තියේන විධියට , ඔබ විසින්ම Disconnect කරල , ඊට පස්සේ කරන දෙයක් කරන්න.

* ඔබ SLT , WiFi , Dongle හෝ වෙන මොන ක්‍රමයක් භාවිතා කරල අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , මේ පොස්ට් එකේ කියල තියේන විධියට VPN එකක් භාවිතා කරලා , ඔබේ IP Address එක ඇමරිකන් හෝ එංගලන්ත එකක් විධියට වෙනස් කරගන්න පුලුවන්.

හරි මේ විධියට ඔබ ශ්‍රී ලංකාවේ කොහේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනත් , ඇත්තටම ඇමරිකාවෙන් හෝ එංගලන්තයේන් අන්තර්ජාලයට සම්බන්ධ වුනා වගේ පෙන්වන්නේ තමයි මෙහම තමයි.

හරි එහෙනම් වැඩේ කොහොමද කියල ඔයාලත් කරලම බලන්නකො ඈ... 

එහෙනම් මන් ගියා ජය වේවා !!

Monday, January 20, 2014

SLT Usage ලේසියෙන්ම බලා ගමු...


මෙකනම් ඉතින් ගොඩක් වැදගත් වෙන්නෙ අපෙ SLT වලින් නෙට් යන යලුවන්ට තමයි මෙ පොස්ට් එක මට හොයල දුන්නෙත් මගෙ SLT බාවිතා කරන යාලුවෙක් ඔයාලටත් වැදගත් වෙයි කියල හිතුනු නිසා ඔන්න මම එකට පොස්ට් එකක් දාන්න හිතුව..

                           


SLT Usage Meter Add-on/Extension ගැන:-

ලංකාවේ ගොඩාක් අය පාවිච්චි කරන Internet Searvice එක තමයි SLT කියන්නේ. ඒ වගේම SLT එකෙන් 25GB Package එකක් හඳුන්වාදීම නිසා දැන් නිතර නිතර තමාගේ Usage එක Check කරගන්න ගොඩාක් අයට වෙනවා.මේ වැඩේට සාමාන්‍යයෙන් ලොකු දුරක් ගෙවාගෙන යන්න වෙනවා Usage එක බලන්න Password එක ගහන්නත් වෙනවා.ඒත් මේ කියන Add-on/Extension එක දාගත්තම ඔය කරදර ඔක්කොම නැතිවෙනවා. එක Click එකකින් Usage එක බලන්න පුළුවන් වගේම Password එක නැතුව User ID එක විතරක් පාවිච්චි කරලා Usage එක බලාගන්න පුළුවන්.


ඔයාට අවශ්‍ය User ID එකට මාරුකරගන්නෙ මෙහෙමයි..

                          


(එන වින්ඩො එකෙන් Skip Ad කිලික් කරන්න)

හරි ඔන්න එහෙනම් වැඩෙ කරල බලන්නකො ඔයාලත් ඈ..

Thursday, November 7, 2013

Computer එකේ Model Numbers,Serial namber ටක් ගාල බලා ගන්න පුළුවන් නියම මෙවුව එකක්..



ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි Drivers නැති උනාම හරි යන එක හොයාගන්න එක්කෝ මුළු machine එකම ගලවනවා.

නැත්නම් Chipset drivers එක එක දාල බලනවා එවත් හරිගියෙ නත්තම් ඉතින් ^$&%$(*&^$ ඔව තමා මතක් වෙන්නෙ දැන් ඉතින් කට්ට කාපු කාලෙ ඉවරයි ඔන්න මෙන්න එකට සුපිරි Software එකක් .මේක install කරලා ඔයාලගේ Computer එකේ හැම උපාංගයකම Chipset Models ,Numbers බලා ගන්න පුළුවන් ඊට පස්සෙ අපිට ඔනා Drives ඔරිජිනල් විදියටම බා ගන්න පුලුවන්..


එහෙනම් පහලින් අරගන්නකෝ ඈ...

මෙන්න අරගෙනම බලන්න..

එන වින්ඩෝ එකෙන් SKIP AD කිලික් කරන්න ඒ

එහෙනම් කරල බලල කොහොමද කියන්නකො වැඩේ ඈ....

Friday, May 31, 2013

Youtube Video Download කරන්න කැමතිද සොෆ්ට්වෙයා නැතුව...


ඔන්න ඉතින් මම අද ඔයාලට නියම Add Ons එකක් ගෙනාව..
Youtube කියන්නේ එහෙම්පිටින්ම වීඩියෝ ගබඩාවක් නෙ.මාර මාර ඒව ඒකෙ තියෙන්නෙ :P දන්නෝ දනී...

එකේ වීඩියෝ Download කරන්න නම් IDM වගේ Download Manager Software දාගන්න වෙනවා..
එත් ඊට වඩා ලේසි විදියක් තමයි දැන් මම කියලා දෙන්න හදන්නෙ...

මේකට අපිට උවමනා වෙනවා මෙන්න මේ ටික...බලන්නකො තියනවද කියල ඔයලා ගාව..
නැත්තම් මෙතනින් බා ගන්නකෝ...

Mozilla FireFox ...
Easy Youtube Video Downloader...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

දැන් මුලින්ම කරන්න තියෙන්නේ Mozilla FireFox විවුර්ත කරගන්න..
ඊට පස්සේ Easy Youtube Video Downloader එක හරහා ගිහින් ඒ Adddon එක Install කරගන්න..

දැන් වැඩෙ ඉවරයි වගෙ තමා..දැන් මෙක වැඩද කියල බලමු..
දැන් මේ මෙතනින් Youtube.. එකට යන්න...

ඊට පස්සෙ video එකක් play කරන්න එතකොට මෙන්න මෙ පින්තුරෙ වගෙ video එකට යටින් Download බටන් එකක් එයි..
රුපයට අනුව Download Button එක ඔබා කැමති Format එකක් තෝරලා දෙන්න එතකොට ඔයාලට ඔන විදියට Download කරගන්න පුලුවන්..







 කොහොමද වැඩෙ ඔන්න එහෙනම් මම යනවා...වැදගත් වුවා නම් අදහස් කියලම යන්න ඈ.....

මතක් කරල LIKE,FOLLW පරක් එහෙම දාල මගෙ බ්ලොග් එකට සෙට් වෙලාම යන්න ඈ...

Sunday, May 5, 2013

Photo Edit කරන්න කට්ට කාපු කාලෙ දැන් ඉවරයි...



ඔයාගෙ photo එකක් මෙන්න මෙ වගෙ edit කරලා මොකක්හරි ආතල් විදියකට හදන්න තිබුනනම් මරු නේද ඒත් ඉතින් ඒකට photo edit කරන්න දැනගන්න ඕනනේ කියල ඔයාල හිතුවට දැන් එහෙම ඔනෙ නැහැ..

එහෙම පොඩි දැනුමක් නැති වුනත් සිරාවටම photo edit කරන්න පුලුවන් website ටිකක් මට හම්බුනා..
මේකට ගිහින් photo එක computer upload කරන්න විතරයි ඕන.

කරලම බලන්නකෝ වැඩේ කොච්චර ලේසිද කියලා...




මේ තියෙන්නෙ තියන template ටිකක්. මේ එකක් select කලාම අපිට අපේ photo එක තියෙන්නෙ කොහේද කියලා තෝරල upload කරන්න විතරයි තියෙන්නේ...


 මතක ඇතුව image size එකට Regular දෙන්න..

ඔන්න එහෙනම් මම යනවා ඔයාලත් කරලම බලන්නකො වැඩෙ කොහොමද කියල...

මට සප් එකක් දෙන්න කැමතිනම් ම්ගෙ site එකට සෙට් වෙන්න Like එකකුත් දාලම යන්න ඈ...

Thursday, March 14, 2013

Facebook Account එකක් ස්ථිරවම මකල දාමු _ Delete Facebook Account Permanently



















ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද අරගන ආවෙ Facebook ඒපා වුනු අයට ගොඩාක් වැදගත් වන දෙයක්..hikz joකෙකට අනේ කිවුවෙ.... ඔනා වුනාම කාට වුනත් මේක වැදගත් වෙනව..

හ්ම් හ්ම් මෙන්න මේකයි කතාව....

Facebook පාවිච්චි කරන යාලුවො හිට්පු ගමන් අතුරුදහන් වෙලා ඉන්නව දැකල ඇතිනේ. ඒ ඉන්නෙ Account එක Deactivate කරල. ඒකනම් ගොඩක් අයට දැන් සාමාන්‍ය දෙයක් වෙලා...
කොහොම උනත් සමහර වෙලාවලදි FB ගිනුම අයින්ම කරල දාන්න ඕන වෙනවත් ඇතිනේ. බොහොම කලාතුරකින් උනත් එහෙම දෙයක් කරන්න ඕන උනොත් කරන්නෙ මෙහෙමයි.......

ඉස්සල්ලම කීප වතාවක් කරන්න යන දේ හරිද කියල කල්පනා කරල බලන්න.. මොකද නැත්නම් FB එකේ අයිතිකාරය උනත් කරන්න දෙයක් නැතුව යනව...
සිද්දිය මේකයි. මේ විදියට Account එක Delete කරල දැම්මහම දවස් 14 කින් Profile එක Deactivate වෙනව......
එදායින් පස්සෙ නම් ඉතින් එහෙම දෙයක් තිබ්බ තැනක්වත් හොයා ගන්න බැරි වෙයි......
මෙන්න මෙහෙමයි වැඩෙ කරන්න්නෙ...

Account එක delete කරන්න ඕනේ නම් මෙන්න මෙතන.. click කරන්න.

ඒ webpage එකට ගියාම ඔයාලට පහත රූපයේ විදියට දකින්න ලැබේවි.




මෙහි Delete My Account යන්න click කර විට පහත රූපයේ ආකරයට
දකින්නට ලැබෙවි.




A සදහා ඔබගේ account එකේ password එකද
B සදහා ඉහත ඇති අකුරු නිවැරදිව ලබාදී ok යන්න Click කරන්න

දැන් ඔයාලට පහත ආකරයට දකින්නට ලැබෙවි.









මෙයින් කියවෙන්නේ ඔබගේ account එක මේ මොහොතෙදි deactivate
වන බවත් දවස් 14ක් ඇතුලත සම්පුර්ණයෙන් Delete වෙන බවත් මේ දවස්
14 ඇතුලත ඔබ මේ account එකට log වුනොත් ඔබට පුලුවන් මේ delete වෙන
එක නවත්වන්න කියන බවයි...

දැන් okay යන්න click කලවිට ඔබේ account එක deactivate වෙනු ඇත...

හරි එහෙනම් දැන් අපි බලමු මේ account එකට ඒ දින 14 ඇතුලත log වී මේ
delete වෙන එක නවත්වන්නේ කොහොමද කියලා.

ඔබ account එකට ආයෙත් log වුන විට පහත රූපයේ ආකාරයේවේ.
(මේ දින 14 ඇතුලත කලහොත් පමනි)



මෙහි Cancel Delection කියන එක click කීරිම මගින් ඔබට ඔබේ facebook
account delete වෙන එක නවත්වන්නට පුලුවන්...

ඔන්න එහෙනම් මම යනව ඈ.... follw පාරක් Like එකක් එහෙම දාල යන්ඩ අමතක කරන්න එපා ඈ....


Wednesday, March 13, 2013

සොෆ්ට්වෙයා එකක් නැතුව ෆෝල්ඩර් හංගමුද.....


 ඉතින් කොහොමද යාලුවනේ ඔන්න ඉතින් මම අදත් මරු වැඩ කෑල්ලක් කියල දෙන්නයි හදන්නෙ... මොකක්ද දන්නවද.....ඒ...
තමන්ගෙ කම්පියුටර් එක වෙන කෙනෙක් පාවිච්චි කරනවනම් තමන්ගෙ පෞද්ගලික දේවල්,වැල එහෙම ආරක්ෂා කරගන්න එක ලොකු ප්‍රශ්නයක්නෙ....
ඒකට ඉතින් එක්කො පාස්වර්ඩ් එකක් දාන්න ඕනෙ, නැත්තම් හංගන්න ඕනෙ.ෆයිල්,ෆෝල්ඩර් හංගන්න සොෆ්ට්වෙයා ඉන්ටනෙට් එකේ ඕනි තරම් තියෙනව.ඒත් මම අද කියල දෙන්න සොෆ්ට්වෙයා නැතුව ෆෝල්ඩර් හංගන්න විදිහක් ගැන.මේක දන්න අයත් ඇති.මම කියල දෙන්නෙ නොදන්න අයට....

මෙන්න මෙහෙමයි වැඩෙ කරන්න...

මුලින්ම හංගන්න ඕනෙ ෆයිල් ටික ඔක්කොම එක ෆෝල්ඩර් එක් ඇතුලට දාගන්න.ඊට පස්සෙ ඒ ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරල Properties වලට යන්න.ඒකෙ Customize කියන ටැබ් එක සිලෙක්ට් කරගෙන පහල රූපෙ 1 රූපෙ තියෙන විදිහට Change Icon උඩ ක්ලික් කරන්න.එතකොට 2 රූපෙ වගේ එකක් එයි.2 රූපෙ පෙන්නල තියෙන විදිහට අයිකන් එකක් නැති තැනක් සිලෙක්ට් කරන්න.ඒක ok කරාම ෆොල්ඩර් එක අයිකන් එකක් නැති වෙනව.



ඒත් ඉතින් නම පේනවනෙ.(පහල රූපය බලන්න)




ඒකට මොකද කරන්නෙ.ඒකට මෙහෙම කරන්න.ෆෝල්ඩර් එක උඩ රයිට් ක්ලික් කරල rename තෝරන්න.ඒකෙ තියෙන නම මකල Alt කී එක ඔබාගෙන නම්බර් පෑඩ් එකේ තියෙන 9 ඉලක්කම අට පාරක් ඔබන්න.ඊට පස්සෙ Enter කරන්න.එතකොට පහල රූපය වගේ නමකුත් නැති අයිකන් එකකුත් නැති ෆෝල්ඩර් එකක් හැදිල තියෙනව.....





දැන් ෆෝල්ඩර් එක නම් හයිඩ් වෙලා.එත් ඕක කාට හරි මාට්ටු වෙයි කියල හිතනවනම් ආරක්ශාව තර කරමු.පහල රූපෙ විදිහට හිස් තැනක රයිට් ක්ලික් කරල Arrange Icons By ගිහිල්ල Auto Arrange ඔප්ශන් එක ඩිසේබල් කරන්න.



ඊට පස්සෙ ෆෝල්ඩර් එක වින්ඩෝ එකේ යටටම drag කරන්න.ඊලගට ඒක උඩ රයිට් ක්ලික් කරල Properties වලට Hidden කියන එක සිලෙක්ට් කරල ok කරන්න.
දැන් ඉතින් ෆෝල්ඩර් එක ලොවෙත් නෑ.




ආයෙ unhidden කරගන්න කවුරුත් දන්නවනෙ ඉතින්... එහෙනම් ඔන්න ඔච්චරයි කරන්න තියෙන්නෙ....

ඔන්න එහෙනම් මම යනවා ආයෙ අලුත් පෝස්ට් එකකින් හම්බවෙමු,,,, මතක ඇතුව Like එකක් දාල යන්න..යි follw පාකුත් දායන්න ඈ.....

 


Friday, March 8, 2013

ඔබේ පරිගනකය පට්ට Slow ද.. එහෙනම් මෙන්න විස්දුමක්..


ඉතින් කොහොමද යාලුවනේ ඔන්න මම අද කියන්න යනදේ මට පහුගිය දවස් ටිකේ ගොඩාක් වද දීපු සිද්දියක් නිසා එකට විසදුමක් හොයනකොට හම්බුනු දෙයක්... ගොඩක් වැදගත් නිසා ඔයාලටත් කියන්න හිතුන... ඔන්න එහෙනම් කියවලම බලන්නකෝ.....


Computer එකක් ගත්තම ටික දවසක් යනකොට slow වෙනව කියල ගොඩක් අය කියනවා මම අහල තියනවා.අත් විදලත් තියනව...

ඒක එහෙම වෙන්න හේතු ගොඩක් තියනවා...

01. desktop එක පිස්සන්කො‍ටුව වගේ නිසා..
02. computer එක start වෙනකොට ගොඩක් file, softwares open වෙන නිසා..
03. harddisk එක fragment වී ඇති නිසා..
04. system file damage වීම නිසා..
05. වැඩකට නැති programs නිතරම පරිගනකයේ ක්‍රියාත්මක වීම නිසා..
06. පරිගනක්යේ processor, RAM speed මදි නිසා..
07. hard disk එක full වීම නිසා..
08. Harddisk එකේ memory dumps ඇති නිසා..
09. registry අවුල් සහගත නිසා..
10. වයිරස් පරිගනකයේ ක්‍රියාත්මක වන නිසා..

 හ්ම් හිම් බය වෙන්න එපා මෙවට විසදුම් කියන්න තමයි දැන් හදන්නෙ...

 Disk clean up සහ Disk defragment

මේක කලාට පස්සෙ මගේ computer එකේ slow ගතිය අඩු වුනා විතරක් නෙමෙයි 7.23GB ක space එකකුත් වැඩි වුනා.


Disk Cleanup
ඔයා මේක කරලම නැත්නම් අනිවාර්යෙන්ම 2GB විතර space එකකුත් එකතු වේවි....











මේකෙ තියෙන්නෙ computer එකට කිසිම හානියක් නොවී delete කරන්න පුලුවන් අපට වැඩක් නොවන files ටිකක්. ඒ නිසා delete කලාට කිසිම අවුලක් වෙන්නෙ නෑ....




Disk Defragment



මේකෙ partition වලට වෙන වෙනම analyse කරන්න. එතකොට එකෙන් partition එක defragment කරන්න කිව්වොත් එහෙම කරන්න. නැත්නම් ඕන නෑ.
මේකෙන් කරන්නෙ computer එකේ තැන තැන දාල තියන files පිලිවෙලට හදන එක.
එහෙම කලාම computer එකට file හොයාගන්න පහසු වෙන නිසා speed එක වැඩි වෙනව කියල කියන්න දෙයක් නෑ නේ..



ඔයාලත් මෙහෙම කරල බලන්න මේකෙන් computer එකේ speed එක වැඩි වෙනවද කියලා... බලන්න දෙයක් නෑ මම කරල බැලුවනෙ වැඩෙ 100% ශුවර්...

ඔන්න එහෙනම් මම කැපෙනව... මතක් කරල follw පාරක් දාල like එකක් එහෙම් දාල යන්ඩ ඈ..


Tuesday, February 5, 2013

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස්_Free News To Your Mobile Phone....





ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද.. ඔන්න ඉතින් අද තමා මේ පැත්තෙ ආවෙ.. මොකද අදනෙ ඩයලොග් එකෙන් අපිට ස්පීඩ් එක දෙන්නෙ... :P ගනන් ගන්න එපා ඔන්න අද කියන්න යන්නෙ ඔය මොබයිල් ෆොන් එක සම්බන්ද දෙයක් ගැන.. රටේ ලෝකෙ වෙන දෙවල් ගැන දැනගන්න කැමති අයටනම් මෙක ගොඩක් වැදගත් වෙයි ඔන්න ඈ....
 මෙක මට කිවුවෙ මගේ යාලුවෙක් ඔන්න ඒ දේ මම ඔයාලත් කියල දෙන්න යන්නෙ..

ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter.. වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.


1. මුලින්ම ඔබ Twitter. .ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up. වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා දී Activate phone click කරන්න.



 

ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. 
එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.



3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත යුතු වේ. උදාහරණ වශයෙන්
Hiru News , Ada derana, Daily Mirror, වැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.

4. ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.




ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත.......
 
ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් කරල බලන්නකෝ...
කරල බලල වැඩෙ කොහොමද කියල එහෙම යන්ඩ ඈ....
 
පුලුවන්නම් ලයික් එකක්.... ෆලෝ පාරක් එහෙම දාල යන්ඩ ඈ.....


 
 

Sunday, January 6, 2013

USB Pen එකකින් WINDOWS 7 INSTALL කරමුද....


ඉතින් කොහොමද ඔයාලට අලුත් අවුරුද්දෙ ලෝක විනාසෙන් පස්සෙ අලුත් ලෝකෙක :P නේද.... ක්ට්ටිය හොදට බයවෙලා ඉන්න ඇති නේද .....හ්ම් හ්ම් එව දැන් ඉවරනේ..දැන් වැඩෙ පටන් ගමු...

ලිපි නම් ගොඩක් ඉදිරිපත් කළා ඒත් ඒවට වැඩි ප්‍රතිචාර නෑ, සමහර ඒවට එක ප්‍රතිචාඑයක්වත් නෑ, එහෙම වෙනවා ඇත්තේ ඒවා ඔයාලට වැදගත් වෙන්නෙ නෑ කියලා හිතෙන නිසා වෙන්න ඇති, ඒත් මම ඉදිරිපත් කළේ නම් හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන ලිපි

අද නම් කියන්න යන්නෙ කිලින් කියපු ඒවට වඩා ටිකක් වෙනස් ලිපියක්, 
ඒ තමයි* Flash Drive එකකින් Windows 7 install කරන ආකාරය* මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති, ඒ දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලොටම කියවල බලන්න කියලා කියන්න කැමතියි.


අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. Windows 7මෙහෙයුම් පද්ධතියත් නිකුත් කලේ DVD මාධ්‍යයෙන්. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7 install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 7 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?




ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්, 4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්්‍යය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග දෙකක් ඇති අතර ඒ ආකාර දෙකටම මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.

Windows 7 USB/DVD Download Tool
ඔබ සතුව Windows 7.iso image එකක් ඇතිනම් මේ කුඩා මෘදුකාංගය යොදා ගෙන එමගින් Flash Drive එක සකසා ගත හැකිය.

මේ මෘදුකාංගය ස්ථාපනය කරගැනීම සදහා XP SP2 වලට ඉහල පරිගණකයක් හා .Net framework 2.0 සමග Microsoft Image Mastering API V2 යන අවශ්‍යතා ඔබගේ පරිගණකය සතු විය යුතුයි. මේ සියල්ලම ඔබට පහත වෙබ් ලිපිනයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය...


මෙහිදී ඔබගේ Flash Drive එක NTFS ආකාරයෙන් Format කර ගැනීම මගින් මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පහසු වේ. මෙය අත්‍යවශ්‍ය නොවන අතර මෘදුකාංගය මගින් ද Flash Drive එක Format කරන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.



ඉහත ඩවුන්ලෝඩ් කර ගත් Windows 7 USB/DVD Download Tool මෘදුකාංගය Open කරන්න. එවිට පහත ආකාරයට ඒය විවිත වන අතර මෙහිදී Browse button එක මගින් ඔබේ Windows 7.iso image එක ඇති Path එක තෝරා Next කරන්න.




ඉන්පසු මතුවන තිරයෙන් ඔබට තෝරාගැනීම් 2 ක් කළ හැකියි. මෙම .iso image එක අවශ්‍ය නම් DVD එකට Burn කරගත හැකි අතර මෙය USB Flash Drive එකකට Copy කරගැනීම සදහා USB Device යන විධානය දෙන්න.



මීලගට මෙහි ඇති List එකෙන් ඔබගේ Flash Drive එක තෝරා දෙන්න. මෙහි ඔබේ Device එක නැතිනම් Refresh කර බලන්න. අවසානයේ Begin Copying Click කරන්න.


මෙහිදී මෙම මෘදුකාංගය මගින් ඔබගේ Bootable Flash Drive එක සැකසීම සිදුකරන අතර ඒ සදහා තරමක වේලාවක් ගතවේ.


ඉහත පියවර අවසානයේ Flash Drive එක සැකසී අවසානයි. ඔබ මෙම Drive එක My Computer හරහා විවෘත කර බැලුවහොත් Windows 7 DVD එකට සමාන ආකාරයට මෙහිදී File කැකසී ඇති අයුරු දක්නට ලැබේවී. දැන් මෙම Flash Drive එක ආධාරයෙන් USB Boot සහාය දක්වන ඕනෑම පරිගණකයකට Windows 7 install කිරීමට ඔබට හැකිය.
____________________________________________________________________________
WinToFlash
ඔබ සතුව .iso image එකක් නැතිනම් Bootable Flash Drive එකක් සාදා ගැනීම සදහා Windows 7 DVD එක භාවිතා කළ හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගත හැකිය. Wizard ආකාරයේ User interface එකක් සහිත නිසා ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකියි. ඔබටත් මෙම මෘදුකාංගය පහත වෙබ් ලිපිනයෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.




මෙහි ඇති දෙවැනි තිරයෙන් ඔබට Windows හි විවිධ සංස්කරණ සදහා Bootable Flash Drive සාදා ගැනීමට අවශ්‍ය තේරීම් කළ හැකියි. Windows 7 සදහා මෙහි දක්වා ඇති ආකාරයට තෝරා මීලග පියවරට යන්න.


ඉන්පසු මතුවන තිරයෙන් ඔබට Windows file අඩංගු DVD එක හෝ Folder එක තෝරා දිය හැකිය. මේ සදහා Windows file path යටතේ ඇති Select යන්න තෝරන්න. ඔබගේ USB Flash Drive එක තෝරා දීම සදහා USB Drive යටතේ ඇති Select යන්න තෝරන්න. සියළු සැකසීම් සුදුකළ පසු Next දෙන්න.


මෙහිදී මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා ප්‍රති වෛරස මෘදුකාංග අක්‍රීය කරන ලෙසට දන්වන අතර එය එතරම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මන්ද Microsoft ආයතනයෙන් නිෂ්පාදිත Windows 7 DVD එකකින් ලබාගත් .iso එකක වෛරසි තිබිය නොහැකි නිසා.

මීලගට ඔබට Windows 7 EULA සදහා එකඟතාවය පළ කිරීමට සිදුවන අතර ඒ සදහා මෙහි දැක්වෙන ලෙස අනුමැතිය පළකර Continue ක්ලික් කර මීලග පියවර වෙත යන්න.

දැන් ඇත්තේ Flash Drive එක සැකසීමේ කටයුත්තයි. මේ සදහා තරමක වේලාවක් ගතවන අතර සාමාන්‍යෙයන් විනාඩි 10-15 ක් අතර කාලයක් ගතවේ. මේ පියවර අවසානයේදී ඔබගේ Windows 7 Bootable Flash Drive එක සැකසී ඇති අතර පහත පරිදි ඒ බව සඳහන් පණිවුඩයක් ඔබ වෙන ලැබෙනු ඇත.



ඉහත දැක්වු ආකාර දෙකටම ඔබට Bootable Flash Drive සාදා ගත හැකි අතර එය ඉතා පහසුවෙන් Windows 7 install කර ගැනීමට හැකියි...........

ඔන්න එහෙනම් මම යනව ඈ.... 

like , follow පාරක් දාල පොඩි සහයෝගයක් දීලම යන්ඩ ඈ...



Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc