Thursday, November 7, 2013

Computer එකේ Model Numbers,Serial namber ටක් ගාල බලා ගන්න පුළුවන් නියම මෙවුව එකක්..



ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ ලැප්ටොප් එකේ හරි ඩෙස්ක්ටොප් එකේ හරි Drivers නැති උනාම හරි යන එක හොයාගන්න එක්කෝ මුළු machine එකම ගලවනවා.

නැත්නම් Chipset drivers එක එක දාල බලනවා එවත් හරිගියෙ නත්තම් ඉතින් ^$&%$(*&^$ ඔව තමා මතක් වෙන්නෙ දැන් ඉතින් කට්ට කාපු කාලෙ ඉවරයි ඔන්න මෙන්න එකට සුපිරි Software එකක් .මේක install කරලා ඔයාලගේ Computer එකේ හැම උපාංගයකම Chipset Models ,Numbers බලා ගන්න පුළුවන් ඊට පස්සෙ අපිට ඔනා Drives ඔරිජිනල් විදියටම බා ගන්න පුලුවන්..


එහෙනම් පහලින් අරගන්නකෝ ඈ...

මෙන්න අරගෙනම බලන්න..

එන වින්ඩෝ එකෙන් SKIP AD කිලික් කරන්න ඒ

එහෙනම් කරල බලල කොහොමද කියන්නකො වැඩේ ඈ....

Wednesday, June 12, 2013

Facebook NEW LoOk_ඔන්න අලුත් වුනු Facebook පෙනුම මගෙන් ඔයාලට....


ඉතින් කොහොමද යාලුවනේ මෙ දවස් වල හැමතැනටම වහිනව නේද fb එන්නත් බෑ මෙ අයහපත් කාලගුනේ නිසා ඒත් ඉතින් ඔයාලව බලන්න නෑවිත් බැරි නිසා ඔන්න මම අලුත් වැඩක් අරගනම ආව..

facebook අලුත් වෙලා කිවුවට කවුරුත් මෙක වැඩිය දැකල නැහැනෙ...මේ නවීකරණය ගැන මුලින්ම facebook සමාගම නිවේදනයක් නිකුත් කරේ මේ අවුරුද්දේ මාර්තු මාසේයේ දී.මේ වෙනස සිදුකරන එකේ මුලිකම අරමුණ වෙලා තියෙන්නේ මෙතෙක් පැවතිය පෙනුම වෙනුවට පිළිවෙල සිත් දැකුම්කළු පෙනුමක් facebook වෙත ලබාදීමයි.මෙතෙක් පැවතියට වඩා වඩාත් හොද දීප්තියක් ජයාරූප, ප්‍රවෘත්ති වැඩසටහන්,සිතියම් සහ අනෙකුත් දේ තුල දැක ගන්න පුළුවන්.මෙහි තවත් විශේෂයක් වෙන්නේ දින,මාස,තත්පර ගණන් ප්‍රමාද වූ දේවල් යහළුවන් සමග බෙදා ගැනීමයි.සමහරු නම් මේ මේ අලුත් පෙනුමේ වෙනස්කම අලුත් ක්‍රියාකාරකම් ගැන දන්නවා ඇති.එත් නොදන්නා අය ඉන්නවා නම් එයාලට පුළුවන් මේ ලිපිය කියෙව්වම facebook හි නව පෙනුමේ ඇතුලාන්තය ගැන දැන ගන්න....
  •  නව facebook පෙනුමේ ලක්ෂණ...
  • වියවුල් අඩුකරන ලද වහා සිත් ඇදගන්නාසුළු සැලැස්මක තිබීම.
  • ඔබගේ සතුට උද්දීපනය වේ.
  • නව අනුගාමිකයන් Feed ඔබගේ දකුණු පසින් පෙන්වනවා.
  • ජයාරූප දීප්තිමත් හා අලංකාරවත්ව පෙන්නුම් කරයි.
  • ඔබගේ Android Smartphone එකෙහි මෙන් ඉතා දැකුම්කළු කළු පැහැති සිරස් තීරුවක් පෙන්නුම් කරනවා.එහි අන්තර්ගතය නම ඔබගේ පැරණි අන්තර්ගතයමයි.
  • වැදගත්ම දෙයක් වෙන්නේ ඔබ නව ආකෘතියට අකමැතිනම් පැරණි ආකෘතියට යාමට හැකි වීමයි.
ඉහත සදහන් දේවල් තමයි මුලික වශයෙන් දැක ගන්න තියෙන්නේ.හොදයි.එහෙම නම් දැන් කියන්නේ කොහොමද මේ නව පෙනුම ඔබේ පැරණි ආකෘතියට වෙනුවට ලබා ගන්නේ කියල.....

නව පෙනුම ලබා ගන්නේ කෙසේද...

මුලිකම කාරණාව නම් ඔබට‍ නව පෙනුම ලබා ගැනීමට අසමත් නම් facebook Team එක ඔබව අනුමත කරන තෙක් රැදී සිටිය යුතුයි. ...

ඔබගේ Facebook ගිණුමට ඇතුළු වෙන්න.

New Facebook Desing වෙත යන්න. .
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

තවමත් ඔබව තෝරාගෙන නොමැති නම් පහත තියෙන වගේ Window එකක් දැක ගන්න පුළුවන්. .



දැන්"Join Waiting List" බොත්තම තද කරන්න. (හැබැයි ඉතින් ඔබව Add කර ගන්නකන් ඉන්න වෙනවා.) .
Facebook Team ඒකෙන් ඔබව Add කර ගත් පසු "try the new look" බොත්තම ලැබෙවී.



ඉන් පසු ඔබට තහවුරු කිරීමට පණිවිඩයක් ලැබේවි. එම පණිවිඩයෙන් පස්සේ ඔබට ලැබේවි List එකක්.




ඔබව Facebook team එකෙන් අනුමත කල පසු ඔබට ලැබුණු සංග්‍රහයේ ඉහල පණිවිඩයදයක් පෙන්නාවි.





"Give It a Try button" බොත්තම තෝරන්න.ඇත්තෙන්ම ඉන් පසු ඔබට පුළුවන් නව සංස්කරණ වෙත මාරු වෙන්න.

අනෙකුත් New Facebook Look ලබා ගැනීම...

හොදයි එහෙනම් දන බලමු "Graph Search Bar" එක ලබා ගන්නේ කියල.

මේ සදහා පළමුවෙන් ඔබේ ගිණුමට ඇතුළු වෙන්න ඕන.දැනටමත් ඔබේ Profile එක තුලානේ ඉන්නේ.එහෙම නොවෙයි නම් නැවත Log වෙන්න සිදු වෙනවා.
ඔබගේ Search Box එකෙහි Graph Search ලෙස type කරන්න.
ඉන් පස්සේ පහල තියෙනවා වගේ Window එකක් ලැබේවි.එහි "Try Graph Search" මත click කරන්න.





ඔන්න දැන් වැඩේ සම්පුර්ණයි.ඔයාලට New Graph Search Bar එකත ලැබුන.

එහෙම නම් මගේ වැඩේ අහවරයි.ඔයාලට අලුත් මුහුණත් එක්ක දැන් ඇති තරම් විනෝද වෙන්න පුළුවන් ඔන්න...

ඔන්න එහෙනම් මම යනව ඈ.. මේ පෝස්ට් එක ඔයාලට ගොඩක් වැදගත් එකක් වෙයි කියල මම හිතනව..
ආ මතක් කරල Like,Follow පාරක් එහෙම දාල.... මගෙ පිරිවරට එකතු වෙලා  මට පොඩි සප් එකක් දීලම යන්න ඈ....

Saturday, June 1, 2013

LinkWithin_බ්ලොග් එකේ අපේ පෝස්ට් කියවන අයට පේන්න අනිත් පෝස්ට් ටික දාගමුද...

 

ඉතින් කොහොමද යාලුවනේ...අද මම කියන්න යන්නෙ අපි අමාරුවෙන් ලියන සටහන ගොඩක් කියවන කට්ටිය අතරට යවාගන්න පාවිච්චි කරන්න පුලුවන් පොඩි ගැජට් එකක් ගැන....
ඒ කියන්නෙ 1පෝස්ට් එකක් කියවනකොට අපේ අනිත් පොස්ට් මොනවද කියල එයාලට පේන්න එව්වගෙ තියන පින්තූරෙකුත් එක්ක දා ගන්නෙ කොහොමද කියල..

මේකට කියන්නෙ LinkWithin කියල...
ගොඩක් කට්ටිය නම කියපු ගමන් දන්නව ඇති... නොදන්න අයටයි මෙ කියන්නෙ...

මම මෙ කියන්න යන්නෙ මෙන්න මෙ වගේ හදා ගන්න හැටි..



මේ ගැජට් එක free එකක් ඒ වගේම මේක අපේ බ්ලොග් එකට දාගන්න ලොකු ගේමක් දෙන්න ඕනත් නෑ. Register වෙන්න ඕනත් නෑ...
ඔයාට කරන්න තියෙන්නෙ බ්ලොග් එකට ලොග් වෙලා මෙතනට (LinkWithin Site).. (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)  ගිහින් ගැජට් එක දාගන්න එක විතරයි....

ඔයාගෙ බ්ලොග් එක Blogger බ්ලොග් එකක්නම් දැම්මට පස්සෙ Layout page එකට ගිහිල්ල Blog Posts කියන Gadget එකට යටින් මේ අලුත් Gadget එක දාන එක තමයි ගොඩක් හොඳ. හැබැයි ඒකෙ default title එක එන්නෙ "You might also like:" කියල...

ඒක සිංහලෙන් දාන්නනම් පහළ තියන code එක Gadget එකේ edit mode එකට ගිහින් ඒකෙ Edit Content කියන ඒකේ Content කියන එකේ උඩින්ම paste කරන්න...
රූපෙ බැලුවොත් පැහැදිළි වෙයි...

 <script>linkwithin_text=' මේ ටිකත් කියවල බලන්න ඈ.. :'</script>


 
ඔන්න එහෙනම් වැඩෙ හරි.. ඔයලත් කරලම බලන්නකෝ...
මම යනෝ ආයෙත් අලුත් පොස්ට්1න් හම්බෙමුකෝ ඈ.....

මතක් කරල LIKE,FOLLW පාරක් එහෙම දාල.. මගෙ බ්ලොග් එකට සෙට් වෙලාම යන්න ඈ... :)

Friday, May 31, 2013

Youtube Video Download කරන්න කැමතිද සොෆ්ට්වෙයා නැතුව...


ඔන්න ඉතින් මම අද ඔයාලට නියම Add Ons එකක් ගෙනාව..
Youtube කියන්නේ එහෙම්පිටින්ම වීඩියෝ ගබඩාවක් නෙ.මාර මාර ඒව ඒකෙ තියෙන්නෙ :P දන්නෝ දනී...

එකේ වීඩියෝ Download කරන්න නම් IDM වගේ Download Manager Software දාගන්න වෙනවා..
එත් ඊට වඩා ලේසි විදියක් තමයි දැන් මම කියලා දෙන්න හදන්නෙ...

මේකට අපිට උවමනා වෙනවා මෙන්න මේ ටික...බලන්නකො තියනවද කියල ඔයලා ගාව..
නැත්තම් මෙතනින් බා ගන්නකෝ...

Mozilla FireFox ...
Easy Youtube Video Downloader...
(එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)

දැන් මුලින්ම කරන්න තියෙන්නේ Mozilla FireFox විවුර්ත කරගන්න..
ඊට පස්සේ Easy Youtube Video Downloader එක හරහා ගිහින් ඒ Adddon එක Install කරගන්න..

දැන් වැඩෙ ඉවරයි වගෙ තමා..දැන් මෙක වැඩද කියල බලමු..
දැන් මේ මෙතනින් Youtube.. එකට යන්න...

ඊට පස්සෙ video එකක් play කරන්න එතකොට මෙන්න මෙ පින්තුරෙ වගෙ video එකට යටින් Download බටන් එකක් එයි..
රුපයට අනුව Download Button එක ඔබා කැමති Format එකක් තෝරලා දෙන්න එතකොට ඔයාලට ඔන විදියට Download කරගන්න පුලුවන්..







 කොහොමද වැඩෙ ඔන්න එහෙනම් මම යනවා...වැදගත් වුවා නම් අදහස් කියලම යන්න ඈ.....

මතක් කරල LIKE,FOLLW පරක් එහෙම දාල මගෙ බ්ලොග් එකට සෙට් වෙලාම යන්න ඈ...

Thursday, May 30, 2013

Luxand blink + Key_මූණ පෙන්නලා පරිගණකයට log වෙමුද....


ඉතින් කොහොමද යාලුවනේ මෙ දවස් වල කස්ටිය දවල් වෙනකන් නිදාගන්නව ඇති නේද වැස්සත් එක්කනෙ....
ඔන්න අද මම මේ post එකෙන් කියන්න හදන්නේ ඔයලා ගොඩක් අය පුදුම කරවන
software එකක් ගැනයි. 
මේ software එක ගැන කලින් අහල තියෙන අයට නම් ඉතින්
මේක පුදුම දෙයක් වෙන්නේ නෑ.මම මේක කියන්න යන්නේ නොදන්න අයට...ඈ

මේ software එක නමින් කියනවා නම් Luxand blink කියලා එකක්.මේකෙන්
පුලුවන් අපට අපේ පරිගණකයට log වෙන්න කිසිම Password එකක් ගහන්නේ
නැතිව අපේ මූණ පෙන්වලා....

හැබැයි මේ දේ කරන්න නම් අපේ පරිගණකයට Web Camara එකක් තිබ්ය යුතුමයි..
ඉතින් දැන් කාලේ ඉන්න අපි හැමෝටම පාහේ Laptop පරිගණක තියෙන එකේ
ඉතින් බය වෙන්න දෙයක් නෑ.
Desktop පරිගණක භාවිතා කරන අයට නම් ඉතින්
Web Camara එකක් use කරන්න වෙනවා...

කතා ඇති දැන් වැඩෙට බහිමුකො...

මේ software එක පරිගණකයට install කරද්දිම මේ software එකෙන් අපේ මූණ Video කරගන්නවා...

එමගින් කරන්නේ අපේ මූණේ ඇස්,නහය වගේ ස්ථිර දේවල් වල පිහිටීම හොදට මතක තියා ගන්න එකයි..
මේකෙදි මුලු මූණම මතක තියා ගන්නේ නෑ, මොකද කියනවා නම් පිරිමි අය සාමානයෙන් රැවුල වවන හින්දා රැවුල ඇති වෙලාවක මේ software එක install කරලා බැරිවෙලාවත් රැවුල කැපුවත් එහෙම,පරිගණකයට එයාව අදුරගන්න බැරි වෙනවනේ.
ඒ බව දැන ගෙන තමයි මෙයාලා මේ software එක හදලා තියෙන්නේ ඒ කියන්නේ රැවුල, කොන්ඩේ එහෙම මේකෙන් මතක තියාගන්නෙ නෑ...

  මේ පින්තූරේ දැක්කම ඔයාලට තේරේවි..



හරි මේක install කරගෙන ඉවර වුනාම ඔයාලට කරන්න තියෙන්නේ Computer එකේ Password එක ගහන්නේ නැතිව මූණ පෙන්වලා log වෙන්න විතරයි... කොහොමද වැඩෙ..
බැරි වෙලාවත් එහෙම මූන පෙන්වද්දි අදුරගන්න බැරි උනොත් බය වෙන්න දෙයක් නෑ වෙනදා විදියටම Password එක ගහලා log වෙන්න පුලුවන්....

ම්ම්ම්ම්ම් එහෙනම් ඔයාල පහලින් Download කරගන්නකෝ...

                                       (එන වින්ඩො එකෙන් SKIP AD කිලික් කරන්න)


මෙන්න KEY එක..    Name : owner1
                                  Serial: 41F0-747A-1351
        (මෙක වැඩ කලෙ නැත්තම් කියන්න මම වෙන Key එකක් දෙන්නම්)

ඔන්න එහෙනම් වැඩෙ හරි දාල බලල කියන්න කො වැඩේ කොහොමද කියල ඈ..

මතක් කරල මට පොඩි සප් එකකටත් එක්ක LIKE,FOLLW පාරක් එහෙම දාල මගෙ blog එකට සෙට් වෙන්න ඈ...

Facebook Chat Stickers_මෙන්න අලුතින් එකතුවූ Chat Stickers ඔක්කොම ටික...

 

තින් කොහොමද යාලුවනෙ.. මෙ දවස් වලනම් මාර කම්මැලියි නේද හැමතිස්සෙම වහිනවනෙ..
ඔන්න ඉතින් අද මම ඔයාලට facebook එකේ යාලුවන්ට පෙන්න දාන්න පොඩි වැඩ කෑල්ලක් කියල දෙන්න යන්නෙ... ම් සමහර විට ඔයාල මේ ගැන දන්නවත් ඇති මම කියල දෙන්නෙ නොදන්න අයට ඈ..

මමත් මේ ගැන නම් ඇහුවේ මගේ යාලුවෙක්ගෙන් Rangana කියල..
ඉතින් මම හිතුවා අලුතින්ම fb එකට නිකුත් උන facebook Stickers ගැන ඔයාලට කියන්න...

මේ stickers ඔයාලට පුලුවන් ඔයාලගේ යාලුවෙක් එක්ක Chat කර කර ඉන්නකොට
Emotion විදියට යවන්නත්...

හා හා වැඩි කතා ඕන නෑ වැඩේට බහිමු දැන්..

Firefox සදහා..... 

Firefox භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click.. (එන වින්ඩො එකෙන් SIKP AD කිලික් කරන්න) කරලා පොඩි Add on
එකක් තියෙනවා ඒක ඔයාලගේ Firefox Web Browser එකට Install කරගන්න.

Add හෝ Install කරලා ඉවර වුන ගමන්ම ඔයාලව වෙන Web Page එකකට රැගෙන යාවි. 
ඒකේ Login කියන Button එක Click කරන්න.

ඊට පස්සේ ඔයාලගෙ facebook page එක reload කලාම ඔයාලට දකින්න ලැබේවි ඔයාලගේ Chat Boxes වල පහල තියෙන විදියට ඒක click කරන්න එතකොට මම අර කීව Sticker, Chat කිරීමේදී භාවිතා
කරන්න පුලුවන්..





ඒ විතරක් නෙවේ මෙමගින් ඔයාලට Comment කිරීම සදහාත් අලුත්ම වර්ගයේ Emotion රාශියක් එකතු කරල
තියනව





Google Chrome සදහා...

Google Chrome භාවිතා කරන අය ඉන්නවා නම් මෙන්න මෙතන Click.. (එන වින්ඩො එකෙන් SIKP AD කිලික් කරන්න) කරලා පොඩි Extension
එකක් තියෙනවා ඒක ඔයාලගේ Google Chrome Web Browser එකට Add කරගන්න.

Add හෝ Install කරලා ඉවර වුන ගමන්ම ඔයාලව වෙන Web Page එකකට රැගෙන යාවි. 
ඒකේ Login කියන Button එක Click කරන්න.

දැන් ඔයාල Facbook log වෙලා ඉන්නවා නම් ඒ page එක Reload කරන්න.
ඊට පස්සෙ යාලුවෙක්ගේ Chat Box එකක් Open කරලා ඔයාල පුරුදු විදියට
Facebook Emotion යවන්න...
ඒ Chat කරන තැනම තියෙන Button එක Click කරාම
ඔයාලට පහල විදියට ඒ Sticker දකින්න ලැබේවි.








ඒ වගෙම comment කරනකොටත් මෙන්න මෙ වගෙ ඔයාලට මෙක බාවිතා කරන්න පුලුවන්..






ඉතින් ඔයාලට වෙන කරන්න දෙයක් නෑ කැමති Sticker එක Click කරන්න විතරයි තියෙන්නේ.
Click කරපු ගමන් යාලුවට Send වෙනව කොහොමද වැඩෙ කියල වැඩක් නෑ..

ඔයාලත් කරලම බලන්නකො..ඈ.....

එහෙනම් ඉතින් ඔන්න මම යනව.. මතක් කරල Like,Follw පාරක් එහෙම දාල මට පොඩි සප් එකකුත් දීලම යන්න ඈ.....
 

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc