Saturday, March 9, 2019

GOOGLE ADSENSE ACCOUNT එකකට අයදුම් කිරීමට පෙර ඔබ කල යුතු දේවල්


(උපුටා ගැනිමකි  trickslanka )

අද මම අරගන ආවෙ අන්තර්ජාලයෙන් මුදල් හොයන්න උත්සහ කරන අයට ගොඩාක් වැදගත් වෙන ලිපියක් ඒ මොකක්ද දන්නවද Google Adsense ගැන..

ඉතින් අද මම මේ ලිපියෙන් කතා කරන්න යන්නේ Google Adsense Account එකකට අයදුම් කිරීමට පෙර ඔබ කල යුතු දේවල් ගැනයි. මෙයින් මම බලාපොරොත්තු වන්නේ ඔබට සාර්ථක මග පෙන්වීමක් ලබාදෙන්නයි.

GOOGLE ADSENSE ACCOUNT එකකට අයදුම් කිරීමට පෙර ඔබ කල යුතු දේවල් මොනවාද?


1. වෙබ් අඩවියක් හෝ බ්ලොග් එකක් - ඔබ Google Adsense ගිණුමක් ආරම්බ කරන්න හිතනවානම් ඔබ දනනවා ඔබ සතුව blog එකක් හෝ web site එකක් තිබිය යුතු බව. ඉතින් ඔබ blogging ශේත්‍රයට අදුනිකයෙක් නම් ඒ වගේම ඔබේම කියලා hosting සේවාවක් domain එකක් ලබාගන්න තවම පුළුවන් කමක් නැතිනම් හොදම විසදුම තමයි Google විසින් නොමිලේ ලබාදෙන ඔබ කවුරුත් දන්නා ජනප්‍රිය blogging platform එකක් වන Blogger හී blog එකක් ආරම්බ කරන එක.

මෙය සම්පුර්ණයෙන්ම නොමිලේ දෙන සේවාවක්. Blogger වල ඇත්තටම බොහොමයක් features තියෙනවා. ඔබට පුළුවන් ලේසියෙන්ම template එක උනත් customize කරගනන්ට. free blogger templates දෙන වෙබ් අඩවි ඕනෑ තරම් තියෙනවා. ඉතින් එවැනි වෙබ් අඩවියකින් චාම් ලස්සන template එකක් හොයාගන්න ඔබට පුළුවන්. ඔබේ බ්ලොග් එකේ design එක Adsense approval එකට බලපාන එක් කරුණක් බව හොදින් මතක තබා ගන්න.

2. Meta Tags බාවිතය - ඔබේ Blog එකට meta tags එකතු කරගන්න අමතක කරන්න එපා. Meta tags එකතු කරගන්න විදිය ගැන ඔබ දැනුවත් නම් හෝ ඔබ දැනටමත් ඔබේ blog එකට meta tags එකතු කරගෙන නම් තිබෙන්නේ මේ කොටස ඔබට ආදලා නැහැ. යම් විදියකින් ඔබ තවමත් meta tags ඔබේ blog එකට එකතු කරගෙන නැති නම ඔබට පුළුවන් අපේ meta tags generator එක බාවිතා කරලා meta tags generate කරගන්නට. ඔබ generate කරගත් meta tags ටික ඔබේ බ්ලොග් එකේ edit HTML ගොස්<head> ටැග් එකට පහලින් එකතු කරගන්න.

3. Blog posts වල දිග - දිග කියන එකෙන් අදහස් කලේ වචන ප්‍රමාණය. මොකද සාමන්‍යයෙන් search engines කැමතියි ඔබේ පොස්ට් එකේ අන්තර්ගතයට අඩුම තරමින් වචන 500 – 750 තර ප්‍රමාණයක් වත් තිබෙනවානම්. ඒ වගේම ව්‍යාකරණ දෝෂ ගැනත් සැලකිලිමත් වෙන්න.

4. ඔබේ blog එකේ traffic එක - හොදම දේ ඔබ ඔබෙන්ම අහන්න ඔබේ බ්ලොග් එකෙන් යම් ආදායමක් ලබාගන්න පුළුවන් තැනකද ඔබේ බ්ලොග් එක තිබෙන්නේ කියලා. අඩුම තරමේ දිනකට uniqe visitors ලා 350 ක් වත් ඔබේ blog එකට එන තැනට එනකන් ඔබ Adsense සදහා අයදුම් කරන්න යන්න එපා.

5. ප්‍රයෝජනවත් widgets බාවිතය - ඔබ ඔබේ බ්ලොග් එකේ ප්‍රයෝජනවත් widgets බාවිතා ඇතුලත් කර තිබෙන එක ගොඩක් හොදයි. එවැනි widgets සදහා උදාහරණ කිහිපයක් පහත වේ..
Subscription Box
Facebook Like Box
Social Sharing Buttons
Twitter and Google+ follow Buttons

6. Adsense සදහා අවශ්‍ය Pages - බොහෝ දෙනෙක් දන්නේ නැහැ Google Adsense සදහා අවශ්‍ය කරන ඔබේ බ්ලොග් එකේ තිබිය යුතු pages මොනවද කියන එක. About Us, Contact Us, Disclaimer හා Privacy Policy යන Pages ඔබේ බ්ලොග් එකේ තිබීම වැදගත්. About Us හා Contact Us යන pages ඔබට ලේසියෙන්ම හදාගන්න පුළුවන්. Disclaimer page එකක් හදාගන්න විදිය ගැන ඔබට දැනුම නැතිනම්මෙතන ක්ලික් කර ගිහින් ඔබට පුළුවන් ලේසියෙන්ම වැඩේ කරගන්න. ඒ වගේම Google Adsense සදහා Privacy Policy page එකක් හදාගන්න මෙතන ක්ලික කරන්න.


7. ඔබේම Domain එකක් - example.blogspot.com ලෙස ඇති ඔබේ web address එක වෙනුවට ඔබේම domain එකක් (උදා:- www.example.com එකතු කරගන්න පුලුවන්නම් එය ඔබ Google Adsense සදහා අයදුම් කිරීමේදී එයින් ඔබට විශේෂ වාසියක් ලබාගන්න පුළුවන්.


8. Google Webmaster Tools බාවිතය - ඔබේ බ්ලොග් එකේ තිබෙන සියලුම web පිටු Google හි ලැයිස්තුගත කිරීමට සහය වීමක් හැටියට ඔබ ඔබේ බ්ලොග් එක සදහා sitemaps, webmaster tool එක හරහා එක් කලයුතුයි. ඒ පිලිබදව ඔබට දැනුමක් නැතිනම් ඒ ගැන පොඩ්ඩක් Google search එකක් දාන්න. ඔබට ලේසියෙන්ම එය කරන විදිය හොයාගන්න පුළුවන්. කොහොමත් ඉදිරියේ දිනක මේ ගැන මම ලිපියක් ලියන අදහසින් ඉන්නේ.


9. අන්තර්ගතයේ ගුණාත්මක බාවය - කිසිම විටක වෙනත් web site එකකින් හෝ blog එකකින් copy කර ඔබේ බ්ලොග් එකේ පලකරන්න එපා. ඒ වගේම Google එයට කොහොමත් කැමති නැහැ. Google Adsense ගිණුමක් සදහා අයදුම් කිරීමට අඩුමගානේ ඔබේ blog එකේ posts 50 -60 ත් අතර posts ප්‍රමාණයක් පළකර තිබිය යුතුයි.



10. Domain එකේ වයස -Google Adsense සදහා අයදුම් කිරීමේදී සලකියුතු තවත් එක් කරුණක් තමයි ඔබේ domain එකේ වයස. Google Adsense Policies වලට අනුව ඔබේ domain එක මාස 6 ක් වත් පරණ විය යුතුයි. නමුත් ඔබේ blog එකට හොද traffic එකක් තියෙනවනම්, ඒ වගේම Search Engines වලින් එහෙම traffic එනවනම් ඔබ මාස හයක් බලාගෙන සිටිය යුතු නැහැ. අනිවාර්යෙන්ම Google ඔබේ Account එක approve කරනවා.

ඉතින් මම ඉහත සදහන් කල කරුණු සලකා බලා, ඒවා අනුගමනය කර Google Adsense Account එකකට අයදුම් කලෝතින් කවදාවත් ඔබේ ඒ අයදුම්පත reject වෙන්නේ නැහැ. අනිවාර්යෙන්ම Google එය approve කරනවා. Adsense ආරම්බ කරන අදහසින් ඉන්න ඔබ සැමට හා අයදුම් කිරීමට ගොස් ඔබ සැමට මෙය ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇතියි කියලා මම හිතනවා..

මෙහි සම්පුර්න අයිතිය trickslanka හි කතෘ සතුයි....

ඔන්න එහෙනම් මම යනවා....... 
මතක් කරල පොඩි සහයෝගයක් දිලම යන්න ඈ....


වැඩේ කොහොමද කියල comment එකකුත් දාලා යන්න ඈ

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc