Tuesday, February 5, 2013

ඔබේ ජංගම දුරකථනයටත් නොමිලේ නිව්ස්_Free News To Your Mobile Phone....





ඉතින් කොහොමද කස්ටිය හොදින් නේද.. ඔන්න ඉතින් අද තමා මේ පැත්තෙ ආවෙ.. මොකද අදනෙ ඩයලොග් එකෙන් අපිට ස්පීඩ් එක දෙන්නෙ... :P ගනන් ගන්න එපා ඔන්න අද කියන්න යන්නෙ ඔය මොබයිල් ෆොන් එක සම්බන්ද දෙයක් ගැන.. රටේ ලෝකෙ වෙන දෙවල් ගැන දැනගන්න කැමති අයටනම් මෙක ගොඩක් වැදගත් වෙයි ඔන්න ඈ....
 මෙක මට කිවුවෙ මගේ යාලුවෙක් ඔන්න ඒ දේ මම ඔයාලත් කියල දෙන්න යන්නෙ..

ඔබටත් ඔබේ ජංගම දුරකථනයට නිව්ස් අල(ර්)ට් කිසිදු මුදලකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය ද? එම සේවාව ඔබට ඉතා පහසුවෙන් දැන් සක්‍රීය කර ගත හැක. එනම් Twitter.. වෙබ් අඩවියේ Mobiel Notifications සේවාවයි. මෙය නොමිලයේ දින නියමයක් නොමැතිව ලබා දෙන සේවාවකි. ඔබ කල යුතුව ඇත්තේ Twitter ගිණුමක් සාදා (දැනට එකක් භාවිතා නොකරන අය ) දැනට පවතින ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සේවාවක් සක්‍රීය කර ගැනීමයි.
එය සිදු කර ගන්නා ආකාරය පියවර වශයෙන් බලමු.


1. මුලින්ම ඔබ Twitter. .ගිණුමක් සාදා ගත යුතු වේ. Twitter sign up. වෙබ් අඩවියට ගොස් ඔබේ තොරතුරු ඇතුලත් කර ඔබේ email ගිණුම මඟින් එය තහවුරු කර ලියාපදිංචිය අවසන් කරන්න.

2. ඉන්පසු ඔබේ ජංගම දුරකථනය සක්‍රීය කර ගත යුතු වේ. Settings > Mobile හරහා ඔබේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කරන්න. මෙම සේවාව දැනට Mobitel, Dialog හා Etisalt වලට පමණක් ලබා දේ. අවශ්‍ය තොරතුරු ලබා දී Activate phone click කරන්න.



 

ඔබ ලියාපදිංචිය සඳහා ඉහත රූපයේ පරිදි ඔබගේ ජංගම දුරකථනයේ තොරතුරු ඇතුලත් කල පසු ඔබට Text :Go" to 40402 ලෙස පණිවිඩයක් දිස් වනුඇත. 
එහි සඳහන් පරිදි ඔබගේ ජංගම දුරකථනයෙන් ලෙස go කෙටි පණිවිඩයක් ලියා එය 40402 ට send කරන්න. ඉන්පසු 2වන රූපයේ සඳහන් පිටුව වෙත ගොස් කාර්‍යය අවසන් වේ.එහි සඳහ ආකාරයට එයට පිළිතුරු කෙටි පණිවුඩයක් යැවූ විට ඔබගේ දුරකථනය වෙබ් අඩවිය හා සම්බන්ධ වීම අවසන් වේ. ඉන්පසු අවශ්‍ය වෙනස් කම් සිදු කර save කරන්න.



3. මී ළඟට ඔබට අවශ්‍ය ප්‍රවෘත්ති සේවාදායකයෙක් සොයා ගත යුතු වේ. උදාහරණ වශයෙන්
Hiru News , Ada derana, Daily Mirror, වැනි සේවා සපයන්නන් දැක්විය හැක. ඔබට අවශ්‍ය සේවා සපයන්නෙක් සෙවුමක් මඟින් සොයා ගත හැක.

4. ඉන්පසු එම සේවාසපයන්නෙක්ගේ වෙබ් පිටුවට ගොස් එය Follow කරන්න. Follow කළ පසු රූපයේ දැක්වෙන ස්ථානය Click කර එහිTurn On Mobile Notification යන්න Click කරන්න.




ඉන්පසු ඔබට දිනපතා නිව්ස් අලර්ට් ලැබෙනු ඇත.......
 
ඔන්න එහෙනම් වැඩෙ හරිනෙ.. ඔයාලත් කරල බලන්නකෝ...
කරල බලල වැඩෙ කොහොමද කියල එහෙම යන්ඩ ඈ....
 
පුලුවන්නම් ලයික් එකක්.... ෆලෝ පාරක් එහෙම දාල යන්ඩ ඈ.....


 
 

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc