Sunday, January 6, 2013

USB Pen එකකින් WINDOWS 7 INSTALL කරමුද....


ඉතින් කොහොමද ඔයාලට අලුත් අවුරුද්දෙ ලෝක විනාසෙන් පස්සෙ අලුත් ලෝකෙක :P නේද.... ක්ට්ටිය හොදට බයවෙලා ඉන්න ඇති නේද .....හ්ම් හ්ම් එව දැන් ඉවරනේ..දැන් වැඩෙ පටන් ගමු...

ලිපි නම් ගොඩක් ඉදිරිපත් කළා ඒත් ඒවට වැඩි ප්‍රතිචාර නෑ, සමහර ඒවට එක ප්‍රතිචාඑයක්වත් නෑ, එහෙම වෙනවා ඇත්තේ ඒවා ඔයාලට වැදගත් වෙන්නෙ නෑ කියලා හිතෙන නිසා වෙන්න ඇති, ඒත් මම ඉදිරිපත් කළේ නම් හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන ලිපි

අද නම් කියන්න යන්නෙ කිලින් කියපු ඒවට වඩා ටිකක් වෙනස් ලිපියක්, 
ඒ තමයි* Flash Drive එකකින් Windows 7 install කරන ආකාරය* මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති, ඒ දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලොටම කියවල බලන්න කියලා කියන්න කැමතියි.


අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. Windows 7මෙහෙයුම් පද්ධතියත් නිකුත් කලේ DVD මාධ්‍යයෙන්. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7 install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 7 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?




ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්, 4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්්‍යය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග දෙකක් ඇති අතර ඒ ආකාර දෙකටම මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.

Windows 7 USB/DVD Download Tool
ඔබ සතුව Windows 7.iso image එකක් ඇතිනම් මේ කුඩා මෘදුකාංගය යොදා ගෙන එමගින් Flash Drive එක සකසා ගත හැකිය.

මේ මෘදුකාංගය ස්ථාපනය කරගැනීම සදහා XP SP2 වලට ඉහල පරිගණකයක් හා .Net framework 2.0 සමග Microsoft Image Mastering API V2 යන අවශ්‍යතා ඔබගේ පරිගණකය සතු විය යුතුයි. මේ සියල්ලම ඔබට පහත වෙබ් ලිපිනයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය...


මෙහිදී ඔබගේ Flash Drive එක NTFS ආකාරයෙන් Format කර ගැනීම මගින් මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පහසු වේ. මෙය අත්‍යවශ්‍ය නොවන අතර මෘදුකාංගය මගින් ද Flash Drive එක Format කරන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.



ඉහත ඩවුන්ලෝඩ් කර ගත් Windows 7 USB/DVD Download Tool මෘදුකාංගය Open කරන්න. එවිට පහත ආකාරයට ඒය විවිත වන අතර මෙහිදී Browse button එක මගින් ඔබේ Windows 7.iso image එක ඇති Path එක තෝරා Next කරන්න.




ඉන්පසු මතුවන තිරයෙන් ඔබට තෝරාගැනීම් 2 ක් කළ හැකියි. මෙම .iso image එක අවශ්‍ය නම් DVD එකට Burn කරගත හැකි අතර මෙය USB Flash Drive එකකට Copy කරගැනීම සදහා USB Device යන විධානය දෙන්න.



මීලගට මෙහි ඇති List එකෙන් ඔබගේ Flash Drive එක තෝරා දෙන්න. මෙහි ඔබේ Device එක නැතිනම් Refresh කර බලන්න. අවසානයේ Begin Copying Click කරන්න.


මෙහිදී මෙම මෘදුකාංගය මගින් ඔබගේ Bootable Flash Drive එක සැකසීම සිදුකරන අතර ඒ සදහා තරමක වේලාවක් ගතවේ.


ඉහත පියවර අවසානයේ Flash Drive එක සැකසී අවසානයි. ඔබ මෙම Drive එක My Computer හරහා විවෘත කර බැලුවහොත් Windows 7 DVD එකට සමාන ආකාරයට මෙහිදී File කැකසී ඇති අයුරු දක්නට ලැබේවී. දැන් මෙම Flash Drive එක ආධාරයෙන් USB Boot සහාය දක්වන ඕනෑම පරිගණකයකට Windows 7 install කිරීමට ඔබට හැකිය.
____________________________________________________________________________
WinToFlash
ඔබ සතුව .iso image එකක් නැතිනම් Bootable Flash Drive එකක් සාදා ගැනීම සදහා Windows 7 DVD එක භාවිතා කළ හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගත හැකිය. Wizard ආකාරයේ User interface එකක් සහිත නිසා ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකියි. ඔබටත් මෙම මෘදුකාංගය පහත වෙබ් ලිපිනයෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.




මෙහි ඇති දෙවැනි තිරයෙන් ඔබට Windows හි විවිධ සංස්කරණ සදහා Bootable Flash Drive සාදා ගැනීමට අවශ්‍ය තේරීම් කළ හැකියි. Windows 7 සදහා මෙහි දක්වා ඇති ආකාරයට තෝරා මීලග පියවරට යන්න.


ඉන්පසු මතුවන තිරයෙන් ඔබට Windows file අඩංගු DVD එක හෝ Folder එක තෝරා දිය හැකිය. මේ සදහා Windows file path යටතේ ඇති Select යන්න තෝරන්න. ඔබගේ USB Flash Drive එක තෝරා දීම සදහා USB Drive යටතේ ඇති Select යන්න තෝරන්න. සියළු සැකසීම් සුදුකළ පසු Next දෙන්න.


මෙහිදී මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා ප්‍රති වෛරස මෘදුකාංග අක්‍රීය කරන ලෙසට දන්වන අතර එය එතරම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මන්ද Microsoft ආයතනයෙන් නිෂ්පාදිත Windows 7 DVD එකකින් ලබාගත් .iso එකක වෛරසි තිබිය නොහැකි නිසා.

මීලගට ඔබට Windows 7 EULA සදහා එකඟතාවය පළ කිරීමට සිදුවන අතර ඒ සදහා මෙහි දැක්වෙන ලෙස අනුමැතිය පළකර Continue ක්ලික් කර මීලග පියවර වෙත යන්න.

දැන් ඇත්තේ Flash Drive එක සැකසීමේ කටයුත්තයි. මේ සදහා තරමක වේලාවක් ගතවන අතර සාමාන්‍යෙයන් විනාඩි 10-15 ක් අතර කාලයක් ගතවේ. මේ පියවර අවසානයේදී ඔබගේ Windows 7 Bootable Flash Drive එක සැකසී ඇති අතර පහත පරිදි ඒ බව සඳහන් පණිවුඩයක් ඔබ වෙන ලැබෙනු ඇත.



ඉහත දැක්වු ආකාර දෙකටම ඔබට Bootable Flash Drive සාදා ගත හැකි අතර එය ඉතා පහසුවෙන් Windows 7 install කර ගැනීමට හැකියි...........

ඔන්න එහෙනම් මම යනව ඈ.... 

like , follow පාරක් දාල පොඩි සහයෝගයක් දීලම යන්ඩ ඈ...



Saturday, January 5, 2013

TEAM Viewer_අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් වෙමුද..


ඔන්න ඉතින් තවත් පට්ටම බාන්ඩයක් හරිද.. 
අපි මේ දවස් ටිකේම ඉගෙන ගත්තේ හොරාට අනික් අයගේ ඒවාට ඇතුල් වෙන එකයි ඒවායේ වැඩ කරන එකනෙ..ද අපි අවසර සහිතවම ඇතුල් වෙමු... මේකනං ඉතින් මරු ඔයාලත් ඒ අත්දැකීමට කැමති වෙයි බාගෙන ඉන්ස්ටෝල් කරලා එහෙම බලන්නකෝ.. වැඩෙ කොහොමද කියල ඈ

පරිගණක ජාලකරණය යනු පරිගනක දෙකක් අතර හෝ ඊට වැඩි ගනනක ඇති සම්පත් බෙදා ප්‍රයෝජනයට ගැනීමට හා තෝරතුරු හුවමරුවට හැකි අයුරින් පරිගනක එකට සම්බන්ද කිරීම්ය. ජාලකරණය, මාර්‍ගයෙන්, මාර්‍ග කෙටුම්පත් හා ‍පොදු අන්තර්ජාලය හරහා වූ ජාලකරණය සඳහා වූ නියමවලින් (විශේෂකරණයන්) පැහැදිලි කරන ලේඛන RFC නම් වේ.

සමහර අවස්ථාවලදී ජාලකරණය විදුලි සංදේශනය , පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව සදහා වූ අණු පුහුණුවක් සේ සැලකේ. පරිගණක ජාලකරණය විද්‍යාත්මක හා ඉන්ජිනේරු පුහුණුවේ සිද්ධාන්තමය හා ප්‍රායෝගික යෙදුම් මත බෙහෙවින් බලපායි.ඉතිං පරිගණක ජාලකරණය යනු එයයි.

අපි හැමෝම හැමතිස්සෙම පරිගණකයේ වැඩ කරත් එය පිළිබදව ප්‍රවෙනියෙකු නෙවෙයි නේ.ඔබ පරිගණකය ගැන දන්නා දේවල් තවත් කෙනෙකු නොදන්නවා වෙන්න ඇති.වෙනත් කෙනෙකු දන්නා දේවල් ඔබ නොදන්නවා වෙන්න ඇති.නමුත් හදිසියෙන්වත් ඔබගේ පරිගණකයේ ඔබ නොදන්නා දෝශයක් හටගත් විට එයට විසදුමක් සෙවීමට ඔබ අන්තර්ජාලය හරහා පීරමින් හෝ ෆේස්බුක් අඩවියේ ඇති ගෘප් එකක් හරහා එයට විසදුම් සොයයි.නමුත් එසේ උදවු ලැබුනත් එය කිරීමට ඔබට තේරෙන්නේ නැතිනම් පරිගණකය සැදීමට පරිගණක උපාංග හදන කෙනක් ගාවට ගෙනිය යුතුය.නමුත් එසේ මුදල් වියදම් නොකර ෆේස්බුක් හරහා හෝ ඒ පිළිබදව දන්නා කෙනෙකුට ඔබගේ පරිගණකයට ඔබගේ නිවසට නොපැමිණ ඔබගේ පරිගණකයට ඇතුළත් වී එය සාදා ගත හැකිය.

එයට මුදෘකාංගයක් අවශ්‍ය වේ.TeamViewer v7 මුදෘකාංගය තමා එහි නම.එනම් මෙමගින් ඔබගේ පරිගණකයේ කිසියම් හෝ දෝෂයක් ඔබගේ පරිගණකයේ ඇති උනොතින් එය ගැන දන්නා කෙනෙකුට ඔබගේ නිවසට නොපැමිණ එය සාදා ගැනීමට පුළුවන්ය.නැතහොත් ඔබට වෙනත් කෙනෙකුට උදවු කර හැකිය.ඉතිං මෙම මුදෘකාංගය පාවිච්චියට වේගවත් අන්තරජාල සබදතාවක් තිබිය යුතුය.එයට හේතුව මෙම මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකයේ ඇති ෆයිල් හා ඕනෑම දෙයක් ඔබ විසින් අනුමැතිය ලබා මුදෘකාංගය තුලින් ඔබගේ පරිගණකය හසුරුවන්නාට පාලනය කිරීමට හැකියාව ඇති නිසාය.

TeamViwer v7 මෘදුකාංගය ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් පසුව එය අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඔබගේ පරිගණකයට විශේෂිත හදුනාගැනිමේ අංකයක් (ID) හා පාස්වර්ඩ් එකක් ලබාදෙයි.පරිගණක දෙක එකිනෙකට සම්බන්ධ කරගැනීම සදහා මෙම පාස්වර්ඩ් එක හා ID එක අවශ්‍ය වේ.
එහෙනම් ඔබගේ පරිගණකයේ දෝෂ නොමිලේ සාදාගැනීමට හා ඔබ දන්නා දෙයකින් තවත් කෙනෙකුට උපකාරයක් කරන්න TeamViwer v7 Corporate මුදෘකාංගය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න....

මෙන්න ලින්ක් එක  මෙතන කොටන්නකො....
ඔන්න එහෙනම් මම යනව like පරක් follw පාරක් එහෙම දාල පොඩි සහයෝගයක් දීලම යන්න ඈ..


Office 2013 Professional Plus අලුත්ම එක දැන්ම බාගන්න



ඉතින් කොහොමද යාලුවනෙ ඔන්න මම අද අරගන ආවෙ Office 2013 Professional Plus අලුත්ම එක

ඔන්න අද උදේම කඩාපත්වෙලා ඔයාලට දෙන්න යන්නේ තවත් මැක්සා දෙයක්. ඒ තමයි අලුතෙන්ම එන Office 2013 සංස්කරණය. ඇත්තටම මේක ඩවුන් කරලා බලනකම් ම මට කිසිම ෂුවර් එකක් තිබ්බේ නෑ. ඒත් දාලා බැලුවමනම් එල. කොහොම උනත් මම හිතන්නේ මේක Windows 8 එකම ඉලක්ක කරලා හදපු එකක්. මොකද 8 වල Interface එකේ විදියටම තමයි මේක ඩිසයිනිං කරලා තියෙන්නේ.කොහොමහරි මේක මෙච්චර ඉක්මනට ටොරන්ට් වලට ආවෙ කොහොමද කියලනම් මගෙන් අහන්න එපා. මොකද ඒක මටත් ප්‍රශ්ණයක්. මම නම් හිතන්නේ මේක මෙහෙම දැම්මට අර Preview එකම තමයි කියලයි. කොහොමහරි මේක කිසිම අවුලක් නැතුව වැඩ.හරි ලගදීම මම Active කරපු ඔරිජිනල්ම එක ඔයාලට දෙනවා. දැන් අපි බලමු මම මේ දෙන ඔෆිස් එක ගැන. මේකේ 1.4 GB සයිස් එකේ පොඩි ෆයිල් එකක් :D (පොඩියි කිවුවට පොඩිම නෑ)
ඒවගේම ලේසියෙන් සෙටප් කරන්නත් පුලුවන්. මේක ඩවුන්ලෝඩ් කරගන්න පහල  ලින්ක් එක කිලික් කරන්න...

ටොරන්ට් ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න  මෙතන කොටන්න.  

හරි, දැන් මම මේක ඔයාලට කියන්නම ඕනේ. ඔය ටොරන්ට් එකේ තියෙන key එක වැඩ කලෙ නැත්තම් ඇක්ටිව් කරගන්න 


ඒකේ Crack, Key තියෙනවා

එහෙනම් මේ වගේ ලිපියකින් පස්සේ හමුවෙමු ඔන්න එහෙනම් මම යනවා.......



මෙන්න මොබයිල් ෆෝන් සික්‍රට් කෝඩ්ස් ටිකක්..


ඔන්න මම අද ඔයාලට ගොඩාක් වැදගත් දෙයක් අරගන ආව.... මෙව දන්න අය අනිත් අයට කිය්ල දෙන්න කැමති නැහැනෙ..... එ වුනට මම නම් එහෙම නෑ ඔන්න දන්න ඔක්කොම ඔයාලට කියනව....
හ්ම් හ්ම් මෙක කියවලම බලන්නකො කොහොමද කියල... :P

ජංගම දුරකථන පාවිච්චි කිරීමට එහි සපයා තිබෙන මෙනු, නොයෙක් පහසුකම් සහ විස්තර වලට අමතර වශයෙන් තවත් තාක්ෂණික තොරතුරු කන්දරාවක් එහි රැස් කොට තිබේ. මෙසේ සගවා ඇති තොරතුරු හෙවත් සික්‍රට් ඩේටා (secret data) මොනවද කියා කියවා ගන්නට බාවිත කරන විශේෂ කේත තිබේ. 
සික්‍රට් කෝඩ් (secret code) කියා හදුන්වන්නේ මේවයි. 
දුරකතනයේ යතුරු පුවරුවේ මේවා ටයිප් කල විට,ඊට අදාල විස්තරය ඩිස්ප්ලේ එකේ පෙන්වයි. දුරකථන වර්ග අනුව මෙම කේත වෙනස් වේ.


නොකියා දුරකථන සික්‍රට් කෝඩ්





*#92702689# - දුරකථනය බවිත කර ඇති කාලය , නිෂ්පාදනය කර ඇති වර්ෂය, දිනය සහ විකුණු දිනය වැනි විස්තර ඇතුලත් මෙනුවක් ඔබට ලබාගත හැක.
*#0000# - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
*#7780# - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
0 - ප්‍රදාන තිරයේ 0 මදවේලාවක් තදකරගෙන සිටිවිට වැප් බ්‍රව්සර් එකට යොමුවෙයි.
*#06# - IMEI අංකය බලා ගත හැකිය.


සෝනි එරික්ෂන් දුරකථන සික්‍රට් කෝඩ්





සෝනි එරික්ෂන් දුරකථනවල සික්‍රට් මෙනු එක ලබා ගැනීම සදහා ඇරෝ කී හෝ ජෝයිස්ටික් සමග * ලකුණ භාවිතයෙන් පහත ක්‍රියාකාරකම් කල යුතුය.
-> * <- <- * <- * (ජෝයිස්ටික් එක දකුණු පසට/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට දෙවරක්/ඇස්ටික් ලකුණ/ජෝයිස්ටික් එක වම්පසට/ ඇස්ටික් ලකුණ)
‌‍‌‍‍‌‍‌#82# - මෘදුකාංග සන්කරණයේ අංකය , හා දිනය ලබාගත හැකිය.
0# - අවසන් වරට ඩයල් කරන ලද අංක ලබා ගැනීමට සොර්ට්කට් එකකි.

සැම්සුන් ඇන්ඩ්රොයිඩ් දුරකථන සික්‍රට් කෝඩ්



*#*#7780#*#* - කර්මාන්ත ශාලාවේදී සකසා තිබූ අයූරින් මුල් සැකසුම් වලට දුරකථනය නෙවතත් සකසයි.
*#*#232331#*#* - බ්ලුටුත් පරික්ෂා කල හැක.
*#*#0*#*#* - LCD එක පරික්ෂ කල හැක.
*#*#2663#*#* - ටච් ස්ක්‍රීන් එකෙහි සංස්කරණ පරික්ෂා කල හැක.

සැම්සුන් දුරකථන සික්‍රට් කෝඩ්



*#9999# හෝ *#0837 - මෘදුකාංග සංස්කරණ අංකය , මෘදුකාංග සංස්කරණ දිනය සහ දුරකථනයේ මාදිලිය යන විස්තර ලබාගත හැක.
#9125# - මෘදුකාංග සංස්කරණය පෙන්වයි.
*#9998*246# - ඩිබග් මෙනුව පෙන්වයි.
*#9998*523# - වයිබ්‍රේෂන් පරීක්ෂා කල හැක.
*#8999*837# - හඩ්වෙයා සංස්කරණය පෙන්වයි.
#*2562# හෝ #*3849# - දුරකථනය රීස්ටාට් කල හැකිය.

ඔන්න එහිනම් මම යනවා... ආයෙත් අලුත් ලිපියකින් හම්බවෙමුකෝ ඈ...


ලයික් එකක් ෆ්ලෝ පාරක් එහෙම දාල සහයෝගයක් දීලම යන්ඩ ඈ

Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc