Wednesday, January 9, 2013

Clixsense මගින් ADS ක්ලික් කරල මුදල් උපයමු...







ඉතින් කොහොමද යාලුවනේ...ඔන්න මම e mony හොයන්න විදික් අරගන ආව...

ඔන්න යාලුවනේ අද මම කියල දෙන්න යන්නේ කොහොමද සුරක්ෂිතව පහසුවෙන් e money හොයන්නේ කියලා... දැනට e money හොයන්න තියෙන පහසුම ක්‍රමයක් තමයි ඇඩ් එකක් උඩ ක්ලික් කරලා සල්ලි හොයන විදිහ... ඒකට දැනට තියෙන හොදම PTC (pais to click) ආයතන දෙක තමයි clixsense හා neobux මේ දෙකෙන් හොද clixsense ඉතින් මම කියල දෙන්න යන්නේ කොහොමද clixsense වලින් 

e money හොයන්නේ කියලා


මුලින්ම ඔයාල paypal හෝ Payza ගිණුමක් සාදා ගන්න අවශ්‍ය වෙනවා...
මේ දෙකෙන් ලංකාවේ අපිට හොද Payza ඉතින් මෙතනින් එක හදාගන්න..





ඔන්න දැන් කරන්න තියෙන්නේ  clixsense වල ඔයාගේ ගිණුම විවෘත කරන්න..

clixsense වල ඔයාගේ ගිණුම විවෘත කරන්න මෙතනින් යන්න...


නැත්තම් පහත බැන්ර් එක කිලික් කරන්න...









දැන් members කියල තියෙන බොක්ස් එකේ sign up now දෙන්න ඊට පස්සේ දෙන ෆෝම් එක ෆිල් කරන්න...
ඊට පස්සෙ ඔයා clixsense වල සාමාජික වෙලා ඉවරයි... 


දැන් තියෙන්නේ සල්ලි හොයන්න...





එක කරන්නේ මෙහෙමයි දැන් ඔයාලට පේනවා ඇති clixsense ලාගේ වෙබ් එකේ උඩ තියෙනවා view Ads කියල icon එකක් දැන් එතන ක්ලික් කරන්න එතකොට ඒ ගොල්ලෝ ඔයාලට ක්ලික් කරන්න දෙන ඇඩ් ටික දෙනවා ඊට පස්සේ ඒ ලින්ක් උඩ ක්ලික් කරන්න (ඉහල රුපයේ ලකුණු කර ඇති ස්ථානය)



ඊට පස්සේ ඒගොල්ලෝ අපෙන් ප්‍රශ්නයක් අහනවා එක ප්‍රශ්නයක්... හා හා බය වෙන්න එපා එක පප්‍රශ්නයක් තමයි නිතරම අහන්නේ එක නිසා බය වෙන්න දෙයක් නෑ...






මෙතන තියෙන විදිහට තමයි කරන්න තියෙන්නේ click on the cat දැන් අපිට කරන්න තියෙන්නේ මෙතන තියෙන රූප 5න් පුසාගේ ජායාරුපය උඩ ක්ලික් කරන්න විතරයි...


එතකොට අපිට මුදල් ලැබෙනවා..


අපිට වැඩි පුර සල්ලි හොයන්න ඕන නම් reffaral ලා එකතු කර ගන්න එච්චරයි කරන්න තියෙන්නෙ.. නිකක් ගෙදරට වෙලා ඉන්න එකේ මෙහෙම දෙයක් කලාට මොනව වෙනවද....



එහෙනම් මම හිතනවා පෝස්ට් එක ඔයාලට වැදගත් වේවි කියලා.... 
ඔයාලගෙ අදහස් කමෙන්ට් එකක් විදියට දාන්න....

මගේ බ්ලොග් එක ෆලෝ කරලා පොඩි හෙල්ප් එකකුත් දෙන්න ඈ....




Payza_යාලත් කැමතිද අන්තර්ජාල බැංකු ගිණුමක් හාදාගන්න...


ඔන්න යාලුවනේ මම අද පොඩ්ඩක් වෙනස් දෙයක් ගැන තමයි ඔයාලව දැනුවත් කරන්න ආවේ.. ගොඩක් අය කැමති දෙයක් තමයි අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට.. 
ඉතින් මටත් හිතුනා මේ පිළිබදව මගේ යාලුවන්වත් දැනුවත් කළොත් හොදයි කියලා... ඔයාලා දැකලා ඇති අන්තර්ජාලයේ සැරිසරනකොට මෘදුකාංග, විදුලි උපකරණ ආධිය අන්තර්ජාලය හරහා මිලදීගැනීමට පවතිනවා.. උදාහරණයක් විදිහට Ebay වැනි වෙබ් අඩවියකට ඔබ ගියොත් ඔබට දකින්න පුලුවන් දෙයක් තමයි ලංකාවෙන් මිලදීගන්නවාට වඩා ඇතැම් විදුලි උපකරණ, ජංගම දුරකථන ආදීය මිලෙන් අඩු මුදලකට ලබාගන්න හැකිවීම... 

ඉතින් එවැන්නක් මිලදීගැනීමට ඇති ඔබේ සිහිනයට පළමු පියවර තබන්නයි මේ සූදානම.. මේ සදහා ඔබට අන්තර්ජාලයේ බැංකු ගිණුමක් අවශ්‍ය වෙනවා... ඔයාලා අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීමට අදහසක් තියනවානම් ඔයාලා මේ වැඩේ දැන්ම කරගත්තොත් තමා වටිනනේ.. අපි වැඩේ පටන් ගමු..

කලිනුත් කිව්වා වගේ මේක තමා වැදගත්ම දේ. මොකද, අපි උපයන හැම සතයක්ම බැර වෙන්නේ මේ ගිණුමටයි. ඒ නිසා නොමිලේ කිසිදු ගෙවීමකින් තොරව Payza bank account එකක් හදන හැටි කියල දෙන්නම්..... 
(මේක දැනටමත් දන්න අය ඇති.. නොදන්න අයටයි මේ)


මේ ගිණුමට එකතුවන මුදල් අතටම ගෙන්න ගන්නත්, අන්තර්ජාලය හරහාම විවිධ මිලදී ගැනිම් වලටත් යොදා ගන්න පුලුවන්. චෙක්පතක් මාර්ගයෙන් මේ මුදල් අතටම ගෙන්වා ගන්නවනම් අවම වශයෙන් $5ක් වත් ඔයාලගේ ගිණුමේ තියෙන්න ඕනේ. (බය වෙන්න එපා, ඔය ගාණ හොයා ගන්න පුලුවන්) එහෙනම් අපි වැඩි කථා නැතුව වැඩේට බහිමු.


01. මුලින්ම පහළ තියෙන Payza Banner එක උඩ ක්ලික් කරන්න.



එන වින්ඩො එකෙන් skip ad කියන එක කිලික් කරන්න..


02. එවිට, ලැබෙන Window එකේ Sign Up Now යන්න ක්ලික් කරන්න.




03. ඊට පස්සේ පහළ තියෙන විදියට Window එකක් පෙනෙවි.



"එකේ Select Your Country එකට Sri Lanka යන්නත්, Select Your Account Type එකට Personal Start යන්නත් ක්ලික් කරන්න. 
අනතුරුව Next Step ක්ලික් කරන්න...


04. පසුව ලැබෙන Window එකේ තියෙන්නේ ඔයාලගේ තොරතුරු ඇතුලත් කරන එක. මේකට ඔයාලගේ සත්‍ය තොරතුරු ඇතුළත් කරන්න ඕනේ. මොකද ගෙවීම් කරන්නේ මෙහි සඳහන් නම, ලිපිනයටනේ. හා... තව දෙයක්, වයස 18ට වඩා වැඩි වෙන්නත් ඕනේ Payza ‍ගිණුමක් open කරන්න.



මේකේ Region ලෙස ඔබ පදිංචි පළාතත්, Postal Code එකත් දැනගෙන නිවැරදි තොරතුරු ඇතුළත් කරන්න. පසුව Next Step ක්ලික් කරන්න."


05. අනතුරුව තවත් එවැනිම Window එකක් ලැබෙවි.


 


"එකේ email ලිපිනයට ඔබේ සුපුරුදු email ලිපිනයත්, ඔයාල කැමති ඕනෑම ආරක්ෂාකාරි password එකකුත් ලබා දෙන්න. 
මේකේ Transaction PIN එකට ආරක්ෂාකාරි PIN අංකයක් ලබා දෙන්න. මේක ගොඩාක් වැදගත්. මොකද, මේ Transaction PIN අංකය මුදල් ලබා ගැනිමේදී ඕන කරනවා. ඔයගොල්ලෝ ලබාදෙන අංකය හොඳට මතක තියා ගන්න.


"ඉන්පසුව ලැබෙන Security Question 1 හා Security Question 2 ට ප්‍රශ්ණ දෙකක් Select කරලා Answer දෙකක් දෙන්න. මේවා යම්කිසි විදියකින් ඔබගේ Password අමතක වුනොත් නැවත් ගෙන්වා ගැනිමේදි වැදගත් වෙනවා. එනිසා මේ සෑම දෙයක්ම නැවත් සටහන් කරගන්නවනම් හොඳයි...

"දැන් Third Party Information එක No ලෙසම තියලා Word Verification හි තිබෙන වචනය ඒ විදියටම පහල හිස් කො‍ටුවේ Type කරන්න."


"ඒ form එකත් නිවැරදිව සම්පුර්ණ කලාම අවසානයේ Final Step යන්න ක්ලික් කරන්න. දැන් පහල තියෙන Confirmation Page එක ලැබේවි."


 

දැන් කලයුතු වන්නේ ගිණුම Activate කරගන්න එකයි. එකට මේ වෙබ් පි‍ටුව ඉවත් කරල ඔබ කලින් සඳහන් කළ email ගිණුමට ලොග් වෙන්න. එහි පහත ආකාරයට Payza විසින් එවා ඇති email ලිපියෙහි ඇති වෙබ් ලින්ක් එක ක්ලික් කර Payza වෙබ් අඩවියට පිවිස ගිණුම සක්‍රීය කරගන්න.




"දැන් ඔක්කොම හරි. දැන් ඔයාලටත් Payza ගිණුමක් තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මුදල් අන්තර්ජාල ගිණුමට එකතු කරගැනීමයි....."

එහෙනම් ඔන්න ඔක්කොම කිවුව...දැන් ඉතින් ඔයාලට තියෙන්නෙ කරල බලන්න කරල බලල අදහස් හා යෝජනා කියන්නකෝ.... ඔන්න එහෙනම් මම යනවා...



මතක් කරල comment එකක් එහෙම දාලා like,follow පාරක් එහෙම දාල යන්න ඈ


Sunday, January 6, 2013

USB Pen එකකින් WINDOWS 7 INSTALL කරමුද....


ඉතින් කොහොමද ඔයාලට අලුත් අවුරුද්දෙ ලෝක විනාසෙන් පස්සෙ අලුත් ලෝකෙක :P නේද.... ක්ට්ටිය හොදට බයවෙලා ඉන්න ඇති නේද .....හ්ම් හ්ම් එව දැන් ඉවරනේ..දැන් වැඩෙ පටන් ගමු...

ලිපි නම් ගොඩක් ඉදිරිපත් කළා ඒත් ඒවට වැඩි ප්‍රතිචාර නෑ, සමහර ඒවට එක ප්‍රතිචාඑයක්වත් නෑ, එහෙම වෙනවා ඇත්තේ ඒවා ඔයාලට වැදගත් වෙන්නෙ නෑ කියලා හිතෙන නිසා වෙන්න ඇති, ඒත් මම ඉදිරිපත් කළේ නම් හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන ලිපි

අද නම් කියන්න යන්නෙ කිලින් කියපු ඒවට වඩා ටිකක් වෙනස් ලිපියක්, 
ඒ තමයි* Flash Drive එකකින් Windows 7 install කරන ආකාරය* මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති, ඒ දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලොටම කියවල බලන්න කියලා කියන්න කැමතියි.


අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. Windows 7මෙහෙයුම් පද්ධතියත් නිකුත් කලේ DVD මාධ්‍යයෙන්. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7 install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 7 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?




ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්, 4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්්‍යය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග දෙකක් ඇති අතර ඒ ආකාර දෙකටම මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.

Windows 7 USB/DVD Download Tool
ඔබ සතුව Windows 7.iso image එකක් ඇතිනම් මේ කුඩා මෘදුකාංගය යොදා ගෙන එමගින් Flash Drive එක සකසා ගත හැකිය.

මේ මෘදුකාංගය ස්ථාපනය කරගැනීම සදහා XP SP2 වලට ඉහල පරිගණකයක් හා .Net framework 2.0 සමග Microsoft Image Mastering API V2 යන අවශ්‍යතා ඔබගේ පරිගණකය සතු විය යුතුයි. මේ සියල්ලම ඔබට පහත වෙබ් ලිපිනයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය...


මෙහිදී ඔබගේ Flash Drive එක NTFS ආකාරයෙන් Format කර ගැනීම මගින් මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පහසු වේ. මෙය අත්‍යවශ්‍ය නොවන අතර මෘදුකාංගය මගින් ද Flash Drive එක Format කරන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.



ඉහත ඩවුන්ලෝඩ් කර ගත් Windows 7 USB/DVD Download Tool මෘදුකාංගය Open කරන්න. එවිට පහත ආකාරයට ඒය විවිත වන අතර මෙහිදී Browse button එක මගින් ඔබේ Windows 7.iso image එක ඇති Path එක තෝරා Next කරන්න.




ඉන්පසු මතුවන තිරයෙන් ඔබට තෝරාගැනීම් 2 ක් කළ හැකියි. මෙම .iso image එක අවශ්‍ය නම් DVD එකට Burn කරගත හැකි අතර මෙය USB Flash Drive එකකට Copy කරගැනීම සදහා USB Device යන විධානය දෙන්න.



මීලගට මෙහි ඇති List එකෙන් ඔබගේ Flash Drive එක තෝරා දෙන්න. මෙහි ඔබේ Device එක නැතිනම් Refresh කර බලන්න. අවසානයේ Begin Copying Click කරන්න.


මෙහිදී මෙම මෘදුකාංගය මගින් ඔබගේ Bootable Flash Drive එක සැකසීම සිදුකරන අතර ඒ සදහා තරමක වේලාවක් ගතවේ.


ඉහත පියවර අවසානයේ Flash Drive එක සැකසී අවසානයි. ඔබ මෙම Drive එක My Computer හරහා විවෘත කර බැලුවහොත් Windows 7 DVD එකට සමාන ආකාරයට මෙහිදී File කැකසී ඇති අයුරු දක්නට ලැබේවී. දැන් මෙම Flash Drive එක ආධාරයෙන් USB Boot සහාය දක්වන ඕනෑම පරිගණකයකට Windows 7 install කිරීමට ඔබට හැකිය.
____________________________________________________________________________
WinToFlash
ඔබ සතුව .iso image එකක් නැතිනම් Bootable Flash Drive එකක් සාදා ගැනීම සදහා Windows 7 DVD එක භාවිතා කළ හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගත හැකිය. Wizard ආකාරයේ User interface එකක් සහිත නිසා ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකියි. ඔබටත් මෙම මෘදුකාංගය පහත වෙබ් ලිපිනයෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.




මෙහි ඇති දෙවැනි තිරයෙන් ඔබට Windows හි විවිධ සංස්කරණ සදහා Bootable Flash Drive සාදා ගැනීමට අවශ්‍ය තේරීම් කළ හැකියි. Windows 7 සදහා මෙහි දක්වා ඇති ආකාරයට තෝරා මීලග පියවරට යන්න.


ඉන්පසු මතුවන තිරයෙන් ඔබට Windows file අඩංගු DVD එක හෝ Folder එක තෝරා දිය හැකිය. මේ සදහා Windows file path යටතේ ඇති Select යන්න තෝරන්න. ඔබගේ USB Flash Drive එක තෝරා දීම සදහා USB Drive යටතේ ඇති Select යන්න තෝරන්න. සියළු සැකසීම් සුදුකළ පසු Next දෙන්න.


මෙහිදී මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා ප්‍රති වෛරස මෘදුකාංග අක්‍රීය කරන ලෙසට දන්වන අතර එය එතරම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මන්ද Microsoft ආයතනයෙන් නිෂ්පාදිත Windows 7 DVD එකකින් ලබාගත් .iso එකක වෛරසි තිබිය නොහැකි නිසා.

මීලගට ඔබට Windows 7 EULA සදහා එකඟතාවය පළ කිරීමට සිදුවන අතර ඒ සදහා මෙහි දැක්වෙන ලෙස අනුමැතිය පළකර Continue ක්ලික් කර මීලග පියවර වෙත යන්න.

දැන් ඇත්තේ Flash Drive එක සැකසීමේ කටයුත්තයි. මේ සදහා තරමක වේලාවක් ගතවන අතර සාමාන්‍යෙයන් විනාඩි 10-15 ක් අතර කාලයක් ගතවේ. මේ පියවර අවසානයේදී ඔබගේ Windows 7 Bootable Flash Drive එක සැකසී ඇති අතර පහත පරිදි ඒ බව සඳහන් පණිවුඩයක් ඔබ වෙන ලැබෙනු ඇත.



ඉහත දැක්වු ආකාර දෙකටම ඔබට Bootable Flash Drive සාදා ගත හැකි අතර එය ඉතා පහසුවෙන් Windows 7 install කර ගැනීමට හැකියි...........

ඔන්න එහෙනම් මම යනව ඈ.... 

like , follow පාරක් දාල පොඩි සහයෝගයක් දීලම යන්ඩ ඈ...



Saturday, January 5, 2013

TEAM Viewer_අවසර සහිතව අනික් කෙනාගේ පරිගණකයට ඇතුල් වෙමුද..


ඔන්න ඉතින් තවත් පට්ටම බාන්ඩයක් හරිද.. 
අපි මේ දවස් ටිකේම ඉගෙන ගත්තේ හොරාට අනික් අයගේ ඒවාට ඇතුල් වෙන එකයි ඒවායේ වැඩ කරන එකනෙ..ද අපි අවසර සහිතවම ඇතුල් වෙමු... මේකනං ඉතින් මරු ඔයාලත් ඒ අත්දැකීමට කැමති වෙයි බාගෙන ඉන්ස්ටෝල් කරලා එහෙම බලන්නකෝ.. වැඩෙ කොහොමද කියල ඈ

පරිගණක ජාලකරණය යනු පරිගනක දෙකක් අතර හෝ ඊට වැඩි ගනනක ඇති සම්පත් බෙදා ප්‍රයෝජනයට ගැනීමට හා තෝරතුරු හුවමරුවට හැකි අයුරින් පරිගනක එකට සම්බන්ද කිරීම්ය. ජාලකරණය, මාර්‍ගයෙන්, මාර්‍ග කෙටුම්පත් හා ‍පොදු අන්තර්ජාලය හරහා වූ ජාලකරණය සඳහා වූ නියමවලින් (විශේෂකරණයන්) පැහැදිලි කරන ලේඛන RFC නම් වේ.

සමහර අවස්ථාවලදී ජාලකරණය විදුලි සංදේශනය , පරිගණක විද්‍යාව, තොරතුරු තාක්ෂණය හා පරිගණක ඉන්ජිනේරු විද්‍යාව සදහා වූ අණු පුහුණුවක් සේ සැලකේ. පරිගණක ජාලකරණය විද්‍යාත්මක හා ඉන්ජිනේරු පුහුණුවේ සිද්ධාන්තමය හා ප්‍රායෝගික යෙදුම් මත බෙහෙවින් බලපායි.ඉතිං පරිගණක ජාලකරණය යනු එයයි.

අපි හැමෝම හැමතිස්සෙම පරිගණකයේ වැඩ කරත් එය පිළිබදව ප්‍රවෙනියෙකු නෙවෙයි නේ.ඔබ පරිගණකය ගැන දන්නා දේවල් තවත් කෙනෙකු නොදන්නවා වෙන්න ඇති.වෙනත් කෙනෙකු දන්නා දේවල් ඔබ නොදන්නවා වෙන්න ඇති.නමුත් හදිසියෙන්වත් ඔබගේ පරිගණකයේ ඔබ නොදන්නා දෝශයක් හටගත් විට එයට විසදුමක් සෙවීමට ඔබ අන්තර්ජාලය හරහා පීරමින් හෝ ෆේස්බුක් අඩවියේ ඇති ගෘප් එකක් හරහා එයට විසදුම් සොයයි.නමුත් එසේ උදවු ලැබුනත් එය කිරීමට ඔබට තේරෙන්නේ නැතිනම් පරිගණකය සැදීමට පරිගණක උපාංග හදන කෙනක් ගාවට ගෙනිය යුතුය.නමුත් එසේ මුදල් වියදම් නොකර ෆේස්බුක් හරහා හෝ ඒ පිළිබදව දන්නා කෙනෙකුට ඔබගේ පරිගණකයට ඔබගේ නිවසට නොපැමිණ ඔබගේ පරිගණකයට ඇතුළත් වී එය සාදා ගත හැකිය.

එයට මුදෘකාංගයක් අවශ්‍ය වේ.TeamViewer v7 මුදෘකාංගය තමා එහි නම.එනම් මෙමගින් ඔබගේ පරිගණකයේ කිසියම් හෝ දෝෂයක් ඔබගේ පරිගණකයේ ඇති උනොතින් එය ගැන දන්නා කෙනෙකුට ඔබගේ නිවසට නොපැමිණ එය සාදා ගැනීමට පුළුවන්ය.නැතහොත් ඔබට වෙනත් කෙනෙකුට උදවු කර හැකිය.ඉතිං මෙම මුදෘකාංගය පාවිච්චියට වේගවත් අන්තරජාල සබදතාවක් තිබිය යුතුය.එයට හේතුව මෙම මුදෘකාංගය හරහා ඔබගේ පරිගණකයේ ඇති ෆයිල් හා ඕනෑම දෙයක් ඔබ විසින් අනුමැතිය ලබා මුදෘකාංගය තුලින් ඔබගේ පරිගණකය හසුරුවන්නාට පාලනය කිරීමට හැකියාව ඇති නිසාය.

TeamViwer v7 මෘදුකාංගය ඔබගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරගත් පසුව එය අන්තර්ජාලය සමග සම්බන්ධ වී ඔබගේ පරිගණකයට විශේෂිත හදුනාගැනිමේ අංකයක් (ID) හා පාස්වර්ඩ් එකක් ලබාදෙයි.පරිගණක දෙක එකිනෙකට සම්බන්ධ කරගැනීම සදහා මෙම පාස්වර්ඩ් එක හා ID එක අවශ්‍ය වේ.
එහෙනම් ඔබගේ පරිගණකයේ දෝෂ නොමිලේ සාදාගැනීමට හා ඔබ දන්නා දෙයකින් තවත් කෙනෙකුට උපකාරයක් කරන්න TeamViwer v7 Corporate මුදෘකාංගය පහතින් ඩවුන්ලෝඩ් කරගන්න....

මෙන්න ලින්ක් එක  මෙතන කොටන්නකො....
ඔන්න එහෙනම් මම යනව like පරක් follw පාරක් එහෙම දාල පොඩි සහයෝගයක් දීලම යන්න ඈ..


Related Posts Plugin for WordPress, Blogger...
www.helpworld.cc.cc